දෙවැනි කාන්තා බළකායේ සෙබළියෝ 34ක් විසිර යති | දිනමිණ

දෙවැනි කාන්තා බළකායේ සෙබළියෝ 34ක් විසිර යති

අනුරාධපුර ශ්‍රී ලංකා යුද හමුදා 2 වැනි කාන්තා බළකායේ සෙබළියන් 34 දෙනකු විසිර යෑම පසුගියදා බ්‍රිගේඩියර් එල්. ඒ .එන්. එස්. වනිගසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

වෛද්‍ය බළකායේ 10ක්, පොදු සේවා බළකායේ 6ක්,කාන්තා බළකායේ 18ක් මාස හතරක පුහුණුවකින් පසු විසිර ගියහ. ආධුනික සෙබළියන් ආචාර පෙළපාළියක් සහ සරඹ සංදර්ශනයක්ද මෙහිදී පැවැත්විණි.

මේ අවස්ථාවේදී පාඨමාලාවේ දක්ෂතම වෙඩික්කාරියට හිමි කුසලානය සහ යෂ්ඨිය සෙ 2082024 බී.ජී.එස්.සෙනරත් විසින් දිනාගත් අතර පාඨමාලාවේ දක්ෂතම පෙළ අණදෙන්නා ලෙස කෝප්‍රල් හේවාවිතාරණ, පාඨමාලාවේ දක්ෂතම ශාරීරික යෝග්‍යතාවට හිමි කුසලානය සෙ ඒ. යූ. ආර්. එම්. ජයතිලක යන කාන්තා සෙබළියන් විසින් ආරාධිත අමුත්තා වූ බ්‍රිගේඩියර් එල්. ඒ. එන්. එස්. වනිගසිංහ මහතා අතින් කුසලාන ලබා ගන්නා ලදී.

මේ අවස්ථාවට සේනාවිධායක මේජර් ඒ.එල්.ආර්.පී. අමරසිංහ, ආධුනික සෙබළ විසිරයෑමේ පෙළපාළියේ ඛණ්ඩ භාර නිලධාරී එම්.ඒ.ඩබ්ලිව්.එන්.මලවිආරච්චි යන මහත්ම මහත්මීහු සමඟ ,212,613,622 වැනි බලසේනා මූලස්ථාන සේනාවිධායකවරු ඇතුළු නිලධාරීහු විශාල පිරිසක් සහභාගි වූහ.

හිදෝගම සමූහ චිත්‍රාරත්න කළුආරච්චි 

නව අදහස දක්වන්න