රාෆ්ටින් ඇනීටා! | දිනමිණ

රාෆ්ටින් ඇනීටා!

කිතුල්ගල ආශ්‍රිතව කැලණි ගඟේ ‘රාෆ්ටීන්‘ ක්‍රීඩාව තම රැකියාව කරගත් ඉතාලි ජාතික තරුණියක් පිළිබඳ පසුගිය දිනෙක අපට හමු වුණා‍.

වයස අවුරුදු දහනමයක්වන ඇය ඇනීටා ෆෙන්ටානා යි.ඉතාලියේ සිට පැමිණ ලංකාවේ මෙවැනි රැකියාවක නියැළෙන ඇනීටා ඒ පිළිබඳ පවසන්නේ මෙවැන්නක්.

ඉතාලියෙත් මේ ක්‍රීඩාව තියෙනවා. එහිදි මගේ පියා ඉමාතෝයා සහ මව මොනිකා සමඟ විවේක ඇති හැම වෙලාවකම ඩෝරා සහ වෙල්ටෙයා යන ගංඟාවල රාෆ්ටීන් ක්‍රීඩාවේ යෙදෙනවා. මම වගේම මගේ මවුපියනුත් මේ ක්‍රීඩාවට හරිම ප්‍රීයයි. ඉතාලියේදී මෙහෙ වගේ හැමදාම රාෆ්ටින් කරන්න බෑ. ශීත කාලෙට හිම මිදෙනවා. ඊට පස්සේ හිම දියවෙලා වතුර ගලන්න පටන් ගන්නවා.මෙහෙ වගේම එහෙත් හරිම සුන්දරයි. නමුත් කැලණි ගඟ අවට තරම් සුන්දර නෑ.මෙහේ වැසි කාලයේදී ජලය පිටාර ගලා ගියත් හිම මිදීමක් නැහැ. කැලණි ගඟ දෙපස තිබෙන ගස් වැල්, ලස්සන කුරුල්ලෝ, වඳුරෝ වගේම රැහැයියන්ගේ කෑගැහිල්ලට මම හරිම කැමැතියි. රැහැයියන්ගේ හඬ රෙකොඩ් කර ගෙන මගේ යාලුවන්ටත් යවනවා. ලංකාවට ආපු මුල් කාලෙදී කැලණි ගඟ භයානකයි කියලා සමහර අය මට අනතුරු ඇඟෙව්වා. නමුත් මට නම් කිසිම භයක් දැනිලා නැහැ. මම මෙහෙ අවේ මගේ නිවාඩුව ගත කරන්නයි. දැනට මම ස්පාඤ්ඤ, ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂාවලින් මගේ පාසල් අධ්‍යාපන කටයුතු හමාර කරලයි තියෙන්නේ. තව වසරකින් උසස් අධ්‍යාපන කටයුතුවලට සූදානම් විය යුතුයි.

දැන් නම් මේ රටේ කෑමවලට මම හුරු වෙලා. හරිම ආසාවෙන් බත් කනවා. මංඤොක්කා, බතල වගේ කෑම එහෙමත් මට මෙහෙ ඉන්න අය ගෙනත් දෙනවා. කිතුල් හකුරු එක්ක තේ බොන්න කැමැතියි. මෙහෙ ඉන්න අය මට සලකන්නේ තමන්ගේ කෙනෙක්ට වගේ, මම මගේ රටට වගේම ලංකාවටත් ආදරෙයි.

සරතී උදාරිකා ප්‍රනාන්දු ඇගේ භාෂා පරිවර්තිකාවයි. ඇය පවසන්නේ ඇනීටා හිතුවාට වඩා එඩිතර නිතරම සිනහා මුසු මුහුණින් කා සමගත් සුහඳව ඇසුරු කරන තරුණියක් බවයි. ඇය දිය මත තම බෝට්ටුව හසුරවන අන්දමට විදේශිකයෝ පවා පුදුම වෙනවා.

කුමාරසිංහ ගුණදාස
යටියන්තොට සමූහ

නව අදහස දක්වන්න