විල්පත්තුව වනයේ වැලි ගොඩදැමූ ජාවාරමුන් ෙකාටු | දිනමිණ

විල්පත්තුව වනයේ වැලි ගොඩදැමූ ජාවාරමුන් ෙකාටු

අනුරාධපුර විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ සිදු කෙරුණු වැලි හැරීමේ ජාවාරමක සුල මුල සොයාගැනීමට වනෝද්‍යානයේ වනජීවි සංරක්ෂණ නිලධාරිහු සමත්ව සිටිති. වනෝද්‍යානයේ දකුණු මායිමේ ගගේවාඩිය ප්‍රදේශය ආශ්‍රිතව මහ පරිමාණයෙන් වැලි හැරීමේ ක්‍රියාවලියක් ආරම්භ වී ඇති බවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී කලා ඔය ගංගාවේ මෝයකට ආශ්‍රිතව කලපු ප්‍රදේශය ද සම්බන්ධ කොටගෙන වැලි පොම්ප කිරීමේ නීති විරෝධි මිනිස් ක්‍රියාකාරකම් අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ. මෙම වැටලීම සිදු කරන ලද්දේ විල්පත්තු වනෝද්‍යානයේ භාරකරු වන චමත් ලක්ෂ්මන් මහතා ඇතුළු වනජීවි අඩවි නිලධාරි ආර්.එම්.එන්.ඩී. රත්නායක බිට්ටු වනජීවී නිලධාරි සුසන්ත ප්‍රේමසිංහ වනජීවි නියාමක එස්.බී. උදයංග යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් විසිනි. මෙම ප්‍රදේශයේ දුර්ලභ ගණයේ කඩොලාන වගාවක් ව්‍යාප්ත වී තිබේ.

වනජීවි දෙපාර්තමේන්තු තොරතුරු වලට අනුව වැටලීම් සිදු කළ අවස්ථාවේදී බැකෝ යන්ත්‍ර කලපු තීරයෙන් වැලි පොම්ප කිරීමේ යාන්ත්‍රික මෙවලම් කෝස් පයිප්ප ඇතුළු උපකරණ තොගයක් වැලි ගොඩ දැමීමට නියමිත අඩවියේ ස්ථාපිත කර තිබු බව අනාවරණය වෙයි. එයි සිටි එක් පුද්ගලයෙකු සහ උපකරණ පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු මුදල් සහ ශරීර ඇප මත මුදා හැරීමට නියම කර තිබේ. වැලි කියුබ් 5000ක් පමණ හැරීමේ අදහසින් මෙම නීතී විරෝධි ක්‍රියාව වාර්තාව සැලසුම් කර තිබු බවද වාර්තා වේ. පුත්තලම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි. සත්ව සහ වෘක්ෂ ලතා ආඥා පනතේ 9 වන වගන්තියේ (අ) කොටස යටතේ සැකකරුවන්ට විරුද්ධව නඩු කටයුතු සිදු කරන බව වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කරයි.

නිමල් විජේසිංහ,
අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමුහ,


නව අදහස දක්වන්න

Or log in with...