සුඛෝපබෝගී වාහනවල වීදුරු බිඳ දේපළ සොරාගත් පුද්ගලයෙක් දැලේ | දිනමිණ

සුඛෝපබෝගී වාහනවල වීදුරු බිඳ දේපළ සොරාගත් පුද්ගලයෙක් දැලේ

රක්ෂණ ශ්‍රියන්ත

සුපිරි වෙළෙඳසල් අසළ නවතා ඇති සුඛෝපබෝගී වාහනවල වීදුරු බිඳ දේපළ සොරා ගත් සැකකරුවකු පසුගියදා (17) තොටළඟ ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේ දී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සුපිරි වෙළෙඳ සල් අසළ නවතා ඇති සුඛෝපබෝගී වාහනවල වීදුරු බිඳ එහි ඇති මුදල් , රන් භාණ්ඩ, ජංගම දුරකථන හා ලැප්ටොප් යන්ත්‍ර ආදී වටිනා දේපළ සොරා ගත් බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

වයස අවුරුදු 38ක් වු මේ සැකකරු මෝදර අලුත් මාවත පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීමේ දී නුගේගොඩ, බොරලැස්ගමුව, දෙහිවල, ගල්කිස්ස යන පොලිස් වසම්වල සිදු කරන ලද අපරාධ රැසක් සම්බන්ධයෙන් ‍කරුණු අනාවරණය වි ති‍බේ.

සැකකරු මීට පෙර අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර වසර තුනහමාරක් පමණ සිර දඩුවම් විඳ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස ලේඛන ගත කරන ලද අයකු බවද පොලිසිය කියයි.

සැකකරු ඊයේ (18) අත්අඩංගුවට ගන්නා ලද දේපළ සමග නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් වැඩිදුර විමර්ශන සිදුකරයි. 

නව අදහස දක්වන්න