සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට | දිනමිණ

සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට

'සයිටම්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරීමට අද (පෙබ 21) තීරණය විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මේ සම්බන්ධ සාකච්ඡාව පැවැත්විණි.

ඒ අනුව, ශිෂ්‍යයින් දහසකගේ පමණ සුදුසුකම් විමසා බැලීමෙන් අනතුරුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කෙරෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මෙම තීරණයට එළඹුණු සාකච්ඡාව සඳහා නීතිපතිවරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මෙන්ම එහි වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ද සහභාගි වූහ.


අදහස් 1ක් ඇත

That is the best way, required a path for international students, otherwise need more seat for medical student in government university. Let sit the government Examination MBBS private university students also. Problems will be solved. Why GMOA so much jealous?

පිටු

නව අදහස දක්වන්න

Or log in with...