සිරියා බෝම්බ ප්‍රහාර මාලාවකින් 77ක් මරුට | දිනමිණ

සිරියා බෝම්බ ප්‍රහාර මාලාවකින් 77ක් මරුට

සිරියා රජයේ හමුදා විසින් දමස්කස් ට නුදුරින් පිහිටි නැගෙනහිර ගෞටා ප්‍රදේශයට එල්ල කළ බෝමබ ප්‍රහාර මලාවකින් සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් තිබේ. මානව හිමිකම් සඳහා සිරියා නිරීක්ෂකයින් පවසන්නේ මෙම ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් 77 දෙනකු මියගොස් ඇති බවයි. ඒ අතරින් 20 දෙනකු ළමයින් බවද ඔවුන් අවධාරණය කරයි. මෙම තත්ත්වය පාලනය නොහැකි මට්ටමකට පත්ව ඇති බව එක්සත් ජාතීන් ගේ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

2013 සිට මේ දක්වා නැගෙනහිර ගෞටා ප්‍රදේශයේ 400,000 කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වෙති. එය දමස්කස් නගරයේ ත්‍රස්ත ග්‍රහණයේ දැනට ඇති එකම ප්‍රදේශයයි. 

 

නව අදහස දක්වන්න