Nations Trust Mobile Banking නව ගනු­දෙ­නු­ක­රු­වන්ට Samsung Galaxy Note 8 | දිනමිණ

Nations Trust Mobile Banking නව ගනු­දෙ­නු­ක­රු­වන්ට Samsung Galaxy Note 8

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ‘මොබයිල් බෑංකින් ඇප්’ ඩවුන්ලෝඩ් කර එම සේවාව භාවිතයෙන් එක් ගනුදෙනුවක් හෝ සිදුකළ නව ගනුදෙනුකරුවන්ට මසකට වරක්Samsung Galaxy Note 8 දුරකථනයක් දිනා ගැනීමේ අවස්ථාව උදාකර දීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කටයුතු යොදා තිබිණි.

2017 නොවැම්බර් මාසයේ සිට 2018 ජනවාරි මාසය දක්වා පැවැති මේ දිනුම් ඇදීම්වල දී මසකට එක් ජයග්‍රාහකයකු බැගින් තෝරා ගන්නා ලදි. මේ අනුව නොවැම්බර් මාසය සඳහා ඩිල්ශානි ප්‍රනාන්දු සහ දෙසැම්බර් මාසය සඳහා ශිරෝමි ශාලිකාSamsung Galaxy Note 8 දුරකථන හිමිකර ගත්හ.

ගනුදෙනුකරුවන් ඩිජිටල් බැංකුකරණ සේවාවන් වෙත යොමු කරවමින් අනාගතයේ දී කාලය, මුදල් සහ පරිසරය සුරකින, මුදල් භාවිතා නොවන, ඩිජිටල් ආර්ථිකයක් සහිත තිරසර ලොවක් වෙත පියනඟන ගමනේ මූලික පියවරක් ලෙස මේ වැඩසටහන දියත් කරන ලදි.

“නව ඩිජිටල් තාක්ෂණයන් භාවිත කිරීම සඳහා අප සෑම විටම අපගේ පාරිභෝගිකයන් යොමු කරවනවා. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජංගම දුරකථන බැංකුකරණ සේවාව දැනට පවතින වඩාත්ම දියුණු ජංගම බැංකුකරණ සේවාවක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ සේවාව මගින් ගනුදෙනුකරුවන්ට ඕනෑම ස්ථානයක සිට තම ගනුදෙනු කටයුතු සිදුකිරීමට පුළුවන්. මේ සේවාව භාවිත කිරීමට ගනුදෙනුකරුවන් වැඩි වැඩියෙන් යොමුකරවීම සඳහා මෙවැනි ත්‍යාග වැඩසටහනක් හඳුන්වා දීමට අප තීරණය කළා. නේෂන්ස් ට්‍රස්ට් ජංගම දුරකථන බැංකු සේවාව සඳහා ලියාපදිංචි වී, ඩිජිටල්කරණය කරා අප යන ගමනේ දී අප සමඟ අත්වැල් බැඳගත් සියලුම දෙනාට මගේ ස්තූතිය පළකිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.” නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරිනී ශානි වික්‍රමසිංහ මහත්මිය පැවැසුවාය.


නව අදහස දක්වන්න

Or log in with...