ක්‍රොක­ඩ­යිල් ලංකා නව ප්‍රධාන ප්‍රද­ර්ශ­නා­ගා­රය ඩුප්ලි­කේ­ෂන් පාරේ විවෘත කෙරේ | දිනමිණ

ක්‍රොක­ඩ­යිල් ලංකා නව ප්‍රධාන ප්‍රද­ර්ශ­නා­ගා­රය ඩුප්ලි­කේ­ෂන් පාරේ විවෘත කෙරේ

ක්‍රොකඩයිල් ලංකා (පුද්.) සමාගමේ [Crocodile Lanka (Pvt) Ltd] නව ප්‍රධාන ප්‍රදර්ශනාගාරය අංක 345, ඩුප්ලිකේෂන් පාර, කොළඹ 03 යන ස්ථානයේ විවෘත කිරීමට එම සමාගම පසුගිය දා කටයුතු කළේය. පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සැලසීමේ අරමුණින් සහ භාණ්ඩ හා නිෂ්පාදන වර්ග වැඩි ප්‍රමාණයක් අලෙවිය සඳහා තැබීමට ඉඩකඩ ලැබෙන පරිදි මේ නව ප්‍රදර්ශනාගාරය සැලසුම් කර තිබේ. මෙය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, කාර්ය මණ්ඩලය, ක්‍රොකඩයිල් ලංකා ලෝයල්ටි වැඩසටහනේ සාමාජිකයන් සහ සෙසු පාරිභෝගිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ අතර එදින සෑම මිලදී ගැනීමක් සඳහාම ආකර්ෂණීය ත්‍යාග පිරිනැමීමට සඳහා ක්‍රොකඩයිල් ලංකා සමාගම කටයුතු යොදා තිබිණි.

ලොව අතිශයින් ජනප්‍රිය සන්නාමයක් වන ක්‍රොකඩයිල් වසර 50 කට අධික කාලයක් තිස්සේ විලාසිතා ලොවේ පෙරමුණේ සිටින නාමයකි. ක්‍රොකඩයිල් නිෂ්පාදනවල සුවිශේෂී විලාසිතා, උසස් ප්‍රමිතිය සහ සහනදායී මිලගණන් වැනි හේතු නිසා එය ශ්‍රී ලංකාව තුළද අතිශයින් ජනප්‍රිය වී ඇත. දිවයින පුරා වෙසෙන පාරිභෝගිකයෝ තත්ත්වයෙන් උසස් සහ අලංකාර ඇඟලුම් හා විලාසිතා තෝරාගැනීමේ දී ක්‍රොකඩයිල් නිෂ්පාදනම තෝරා ගැනීමට පෙළඹී ඇති අතර ඔවුන්ට වඩාත් විශිෂ්ට සේවාවක් සැලසීමේ අරමුණින් මේ නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමට සමාගම කටයුතු කර තිබේ.

මේ අවස්ථාවේදී අදහස් දක්වමින් ක්‍රොකඩයිල් ලංකා සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී චමල් ෆොන්සේකා මහතා මෙසේ පැවැසීය. “ක්‍රොකඩයිල් යනු කවදත් සමාජයේ නවතම විලාසිතා හඳුනාගන්නා, ඒවා සංකේතවත් කරන සන්නාමයක්. කෙනකු ක්‍රොකඩයිල් විලාසිතා තෝරා ගැනීම මගින් ඔහු සමාජයේ නවතම විලාසිතා ප්‍රවණතාවලට සංවේදී බව මැනවින් හැඟවෙනවා. ඕනෑම කෙනකු විලාසිතා ලොවේ තරුවක් බවට පත්කිරීමට ක්‍රොකඩයිල් විලාසිතාවන්ට පුළුවන්. ක්‍රොකඩයිල් සන්නාමය මෙරට මෙන්ම ලොව පුරාම මෙතරම් ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින්නේ ඒ නිසයි. ශ්‍රී ලංකාව තුළ අපගේ නිෂ්පාදනවලට විශාල ඉල්ලුමක් ඇතිවී තිබීම නිසා අපගේ ප්‍රධාන ප්‍රදර්ශනාගාරය නවීන පහසුකම්වලින් යුත්, වඩාත් ඉඩපහසුව සහිත, පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක විවෘත කිරීමට අප තීරණය කළා. මේ ඔස්සේ අපගේ පාරිභෝගිකයන්ට භාණ්ඩ හා විලාසිතා වැඩි ප්‍රමාණයක් වඩාත් පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීමට අපට හැකියාව ලැබේවි.”

නව අදහස දක්වන්න