ආර්ථි­ක­යට ශක්ති­යක් පවු­ලට සතු­ටක් | දිනමිණ

ආර්ථි­ක­යට ශක්ති­යක් පවු­ලට සතු­ටක්

සිමෙන්ති මල් පෝච්චි, කම්බි කණු, ටිකිරි ලියා සිමෙන්ති කැට, ග්‍රිල් කණු උද්‍යාන අලංකරණය, සිමෙන්ති පුටු වැරෙන්ඩා කණු නිෂ්පාදනයට යොමු වූ දිරිය කතක් අපට මුණ ගැසුනේ නාගොල්ලාගම ප්‍රදේශයේදීය. අංක 301/1 කැකුලාවල පාර, නාගොල්ලාගම පදිංචි ඩයනා මෙම ව්‍යාපාරය ආරම්භ කර වසර 07ක් පමණ වන බවත් පෙදරේරු රැකියාවේ නියුතු සුමේධ සුරවීර සැමියා ඇයට පූර්ණ වශයෙන් උදව් කරන බවත් පළමු දරුවා උසස් පෙළත් දෙවන දරුවා 07 වන වසර ඉගනුම ලබන බවත් පවුලේ ජීවන අරගලයට සැමියා උපයන දේට අමතරව තම මහන්සියද විශාල රුකුලක් වී ඇති බවත් ඇය පැවසුවාය. තම ප්‍රදේශයේ පවතින සමාජ වැඩසටහන් සහ සමිති සමාගම්වලට සහභාගිවීමද ඇය සිදු කරයි.

ඇය මෙම නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්නේ නාගොල්ලාගම ප්‍රදේශයේ වෙළඳ සැලකින් බවත් ඇය මසකට මල් පෝච්චි 300ක් පමණ අලෙවිකරන බවත් සීට්ටු සඳහා මල් පෝච්චි සහ ටිකිරි ලියා, බ්ලොක් ගල් සැපයීමද සිදුකරයි. තම නිෂ්පාදන අලෙවි කරන්නේ තම ප්‍රදේශයන් ඒ අවට ප්‍රදේශවලටත් පමණ බවද ඇය අපට ප්‍රකාශ කළා ය. දේශයට ආදරය ඇති දේශීය නිෂ්පාදකයාට අත දෙන ව්‍යාපාරිකයන් තම නිෂ්පාදන අලෙවියට අත දෙනවා නම් එය තමන් වැනි කුඩා පරිමාණ දේශීය නිෂ්පාදකයින්ට මහත් පිටුවහලක් බව ඇය කීවා ය.

මා මේ තුළින් මුදලට වඩා ලොකු සතුටක් ලබමි.

ඇය ප්‍රකාශ කරන ආකාරයට ඇගේ මෙම නිෂ්පාදන නගරයට රැගෙන යෑමට අතහිත දෙන්න ව්‍යාපාරිකයන් සිටින්නේ නම් ඇගේ නිෂ්පාදන වැඩි දියුණු කරගත හැකි බවත් හොඳ වෙළද පොලක් තිබීම තුළින් ඇය වැනි ග්‍රාමීය කාන්තාවක් නගරය තුළද තම නිෂ්පාදන ස්ථාපිත කළ හැකි බවය.

ඇය මුළු මහත් කාන්තාවන් සියලු දෙනාටම දෙන පණිවිඩය වූයේ ඔබේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න.

අවසාන වශයෙන් ඇය මුළු රටටම ප්‍රකාශ කරන්නෙ මෙවැනි දෙයකි. සැමියා සල්ලි ගෙනත් දෙන තුරු ඉන්න එපා කුමක් හෝ තමන් දන්නා දෙයක් කරන්න ජීවිතය ජය ගන්න අප සියලු දෙනා එවැනි දිරිය කාන්තාවන් අගය කර ඔවුන්ට අත්වැලක් දිය යුතුය.

 


නව අදහස දක්වන්න

Or log in with...