ආදිවාසීන්ගේ පවස නිවන්න දඹානට ජල පිරිපහදුවක් | දිනමිණ

ආදිවාසීන්ගේ පවස නිවන්න දඹානට ජල පිරිපහදුවක්

සෞඛ්‍ය අමාත්‍යාංශය දඹාන ආදිවාසී ගම්මානයේ හා ඒ අවට ප්‍රදේශවල ජනතාවට අවශ්‍යය පිරිසුදු පානීය ජලය සැපයීම සදහා රුපියල් 1522070ක වියදමින් දඹාන ප්‍රාදේශිය රෝහල් භූමියේ නව ජල පිරිපහදු ඒකකයක් පිහිටුවීමට පියවර ගෙන ඇත.

මේ මගින් දෛනිකව පිරිපහදු කළ හැකි ජල ධාරිතාව ලීටර් දහසකි.

ජනාධිපති කාර්ය සාධන බළකාය මගින් වකුගඩු රෝග නිවාරණය කිරීමට ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සමගාමීව මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇති අතර මේ වනවිටත් මෙහි සියලු ඉදිකිරීම් අවසන් කිරීමටද පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහි ඉදිකිරීම් සදහා තාක්ෂණික ආධාර සැපයීමෙන් දායකත්වය ලබා දී තිබුණි.

මීගහකිවුල එන්. නවරත්න 

නව අදහස දක්වන්න