කුරුණෑගල ලක්ෂ දෙකහමාරකට ඡන්දය එපා වෙලා | දිනමිණ

කුරුණෑගල ලක්ෂ දෙකහමාරකට ඡන්දය එපා වෙලා

කුරුණෑගල මධ්‍යම විශේෂ ආරියපාල වංශතිලක

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් මෙවර ඡන්දය පාවිච්චි කර තිබෙන්නේ 241,770 දෙනෙක් බැව් කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ තේරීම්භාර නිලධාරි ගාමිණී ඉලංගරත්න මහතා පවසයි. මෙයිනුත් ඡන්ද 13,130ක් ප්‍රතික‍්ෂේප වී ඇත.

දිස්ත්‍රික්කයේ මුළු ඡන්ද 13,15,715න් ඡන්දය පාවිච්චි කර තිබෙන්නේ 1,073,945ක් බවත් කී ගාමිණී ඉලංගරත්න මහතා තෝරාගත් අපේක්ෂකයින්ගේ නාමලේඛනය වැඩිදුර පරීක්ෂණය සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුවට යවා තිබෙන බවත් ඉදිරි සතියේදී ජයග්‍රහණය කළ සියලුම සභිකයන්ගේ නාමලේඛනය ප්‍රකාශයට පත් කරන බවත් කීය.

මේ අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 700ක් පමණ වාර්තාවී ඇතත් තදබල ගැටුම් කිසිවක් මෙතෙක් වාර්තාවී නැති බවත් පැවසීය. 


නව අදහස දක්වන්න

Or log in with...