හරිත වෙරළ වැඩසටහන යටතේ වෙරළට තුරු වැස්මක් සමඟ කඩොලාන ශාක වගවක් | දිනමිණ

හරිත වෙරළ වැඩසටහන යටතේ වෙරළට තුරු වැස්මක් සමඟ කඩොලාන ශාක වගවක්

ශීලා උඩුවර

හරිත වෙරළ වැඩසටහන මඟින් වෙරළේ තෝරා ගත් ස්ථානයන්හි තුරු වැස්මක් ඇති කිරීම හා වෙරළ ආශ්‍රිතව කඩොලාන වගා කිරීමට සුදුසු ස්ථානයන්හි ක්‍රමවත් සැලැස්මක් යටතේ කඩොලාන ශාක රෝපණය කිරීම සිදුවන බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය කියයි.

මෙරට කඩොලාන වන වැස්ම හෙක්ටයාර් 12000 ත් 25000 ත් පමණ වන අතර මෙම වැඩසටහන මඟින් කඩොලාන ආවරණය ඉහළ නැංවීම සිදු කෙරේ.

ඉකුත් ඔක්තෝම්බර් මාසයේ ආරම්භ කළ මෙම වැඩසටහන වසර පුරාම ක්‍රියාත්මක වන අතර තර්ජනයට ලක්වු තඩොලාන විශේෂ සංරක්ෂණය සමුද්‍රිය ජෛව විවිධත්වය ආරක්ෂාවීම වෙරළ කලාපය පදනම් කරගෙන ඇතිවන සමාජ ආර්ථික පසුබිම වර්ධනය විම, පාරිසරික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය විම, ධීවර කර්මාන්තයට දායකවීම, වෙරළ කලාපයේ ජනතාතවගේ ආර්ථික තත්ත්වය වර්ධනය විම, මෙන්ම ගොඩබිම් ආරක්ෂා විමද මේ මගින් සිදුවේ. මේ යටතේ වෙරළ තුළ තුරුගොමු නිර්මාණය කිරීමට කටයුතු කරන අතර මේ මගින් වෙරළ කලාපයට ආරක්ෂාව සැලසෙන අතර වැලි, මැටි නිර්මාණය විම මෙන්ම ශාක කර්මාන්තය සඳහා අමුද්‍රව්‍ය සැලසීම සිදුවේ.

කඩොලාන ශාඛවේගවත් ජල රැළිවළ වේගය අඩු කිරීමට හා එමගින් සිදුවන වෙරළ ඛාදනය අඩු කිරීමට ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරන අතර, එසේම සුනාමි වැනි ආපදා අවස්ථාවන්හිදී උදම් රැළි පාලනය කිරීමටත් සුළං බාධකයක් ලෙස ක්‍රියාත්මක විමටත් කඩොලාන ඉතා වැදගත් වෙයි. 

නව අදහස දක්වන්න