වෙඩි හුවමාරුවකින් පාතාලයේ අයෙක් මරුට | දිනමිණ

වෙඩි හුවමාරුවකින් පාතාලයේ අයෙක් මරුට

කොළඹ -  මීගමුව ප්‍රධාන මාර්ගයේ වත්තල,හේකිත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වෙඩි තැබීමකින් ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු මියගිය බව පොලීසිය සදහන් කරයි.
 
සැක කටයුතු වෑන් රථයක් පරීක්ෂා කිරීමට යාමේදී මෙම පාතාල කල්ලි සාමාජිකයා ඇතුළු පිරිස පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.
 
එහිදී විශේෂ කාර්ය බලකාය සිදුකළ වෙඩි තැබීමෙන් ඩී. මංජු (දඩල්ලගේ මංජු) නැමැත්තාට වෙඩි  වැදී තිබේ.
 
තුවාල ලැබු ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු බවට සැලකෙන මෙම ඩී. මංජු නැමැත්තා රෝහල් ගත කිරීමේදී මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
 
අදාල වෑන් රථයේ සිටි තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ වත්තල පොලීසිය විසින් සිදු කරනු ලැබේ.

නව අදහස දක්වන්න