ගුවන් මඟියකු 8 හැවිරිදි පුතු ගමන් බෑගයේ සඟවාගෙන ඇවිත් | දිනමිණ

ගුවන් මඟියකු 8 හැවිරිදි පුතු ගමන් බෑගයේ සඟවාගෙන ඇවිත්

ස්කෑන් කරද්දී මවු කුස බිලිඳකු සිටින ඉරියව්වෙන් රුවක්

මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයට පැමිණි අයිවරි කෝස්ට් ජාතිකයකු තම අට හැවිරිදි පුත්‍රයා ගමන් බෑගයේ සඟවා ගෙන එන ලදැයි චෝදනා ලැබ තිබේ. නමුත් ඔහු සිරගත කිරීම ස්පාඤ්ඤ නීති නිලධාරීන්ගේ අවශ්‍යතාව වී ඇතත් එය ලිහිල් දඬුවමකට පමණක් සීමා කරනු ලැබ ඇති බව වාර්තා වේ. ඔහු විසින් ගෙන එමින් තිබුණ ගමන් බෑගය දේශසීමා නිලධාරීන් විසින් 'ස්කෑන්' කරන ලද අවස්ථාවේ ඒ ඇතුළේ මවකගේ කුසෙහි බිලිඳකු වැතිර සිටින ඉරියව්වෙන් ගුලි වී සිටින තැනැත්තකුගේ අඳුරු රුවක් දැක ඇත.

අලි ඔටාරා තම පුතු නීතිවිරෝධී ලෙස ගෙන එනු ලැබූව ද සිය පුත්‍රයා ගමන් බෑගය තුළ සිටි බවක් අලි ඔටාරා දැන සිටි බව ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි නොවූයෙන් ඔහු සුළු දඩයකට පමණක් යටත් කොට සෑහීමට පත්වීමට නීති නිලධාරීන්ට සිදු වී ඇත. ඒ අනුව අනවසරයෙන් ළමයකු රටට ඇතුළු කිරීමට ගන්නා ලද උත්සාහය සම්බන්ධයෙන් අලි ඔටාරාට නියම කර ඇති දඬුවම යුරෝ අනූ දෙකක දඩයක් පමණි. 

නව අදහස දක්වන්න