රබර් ප්‍රශ්නයට විසැඳුමක් දෙන්න | දිනමිණ

රබර් ප්‍රශ්නයට විසැඳුමක් දෙන්න

දිවයිනේ ප්‍රධාන වගාවක්ව පැවති රබර් වගාව දැනට වගාකරුවන්ට එපාවී ඇති බව පෙනේ. ඉකුත් ආණ්ඩු කාලයේ රු. 650 පමණ මිලකට අලෙවි කර ගත හැකිව තිබුණ රබර් කිලෝවක මිල දැනට රු. 290 දක්වා අඩුවී තිබීම මෙයට හේතුවී තිබේ.

මෙම මිලට රබර් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම එහි සේවයේ නියුතු කම්කරුවන්ට වැටුප් ගෙවීමටවත් ප්‍රමාණවත් නොවන බැවින් දැනට රබර් වගාකරුවෝ තම රබර් වගාවන් උදුරා දර පිණිස අලෙවි කිරීමට පටන්ගෙන සිටිති.

මේ හේතුවෙන් දැනටමත් සබරගමු පළාතේ රබර් කිරි කැපීමෙහි යෙදීසිටි කම්කරුවන් දහස් ගණනකට තම රැකියා නොමැතිව ආර්ථික දුෂ්කරතාවලට මුහුණපාන්නට සිදුවී තිබේ. ඉදිරියටත් මේ තත්ත්වය පැවතුනහොත් අප රටේ රබර් ගසක් දකින්න පවා නොලැබීමට ඉඩ ඇත.

එම නිසා රබර් සඳහා සතුටුදායක මිලක් ලබාදීමට වත්මන් රජය පියවර ගතයුතුව තිබේ.

බී. ජී. එස්. කවින්ද්‍රරත්න
බෝධිමළුව-පරකඩුව

 

නව අදහස දක්වන්න