අයන්මෑන් තුන් ප්‍රයාමය හෙට ගාලුමුවදොරදී | දිනමිණ

අයන්මෑන් තුන් ප්‍රයාමය හෙට ගාලුමුවදොරදී

ගීෂා මුණසිංහ

ආසියාවේ පුදමය‍ ශ්‍රී ලංකාව, අයන්මෑන් 70.3 කොළඹ නමින් සංවිධානය කරන තුන්ප්‍රයාම තරගය හෙට (25) පෙ.ව.6.00ට කොළඹ ගාලුමුවදොර ග්‍රීන් තණ නිල්ලේ දී පැවැත්වීමට නියමිතය.

රටවල් 64කින් තරගකරුවන් 880ක් තරගාවලියට සහභාගී වන අතර තරගකරුවන්ගේ සහයකයන් 3000ක් මේ තරගාවලියට එක් සිටී. කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන තරගාවලියේ ප්‍රධාන කාණ්ඩයේ තුන් ප්‍රයාම තරග ඉසව්වට කිලෝ මීටර් 1.9 දුරින් පිහිනීමටත්, අර්ධ මැරතන් තරගයක් වන කිලෝමීටර් 21.1 දුරක් දිවීමටත් හා අවසන් වශයෙන් කිලෝමිටර් 90ක දුරක් පාපැදි තරගයක නියැලෙමින් තරග කිරීමට කාන්තා හා පිරිමි දෙපාර්ශ්යටම සිදුවෙයි. කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයම එකට තරග වදින තරගයේ ජයග්‍රාහකයන්ට වෙන වෙනම ත්‍යාග හා කුසලාන පිරිනැමීමට නියමිතව ඇත.

මේ තරග ඉසව්වේදී සියළු තරගකරුවන් පැය 8ක් තුළදි තරගය සමස්ථ තරගයම නිමා කිරිමට නියමිතය.

මෙහි බළක හා ළමුන් සඳහා වන තරගය අද (24) පැවැත්වෙයි, එම බාලක හා ළමුන් සඳහා වූ අයන් මෑන් 70.3 තරගය වයස අවුරුදු 3-5 අතර මීටර් 500ක්, 6 -8 කිලෝමීටර් එකක්, 9-11 අතර කිලෝමීටර් 1.5ක් හා 12-14 වයස් කාණ්ඩයේ තරගකරුවන් කිලෝ මිටර් 2ක දුරක්ද සම්පූර්ණ කළයුතු වෙයි.

තුන්ප්‍රයාම තරගයට සහභාගී වන තරගකරුවන් ලියාපදිංචිය හා මෙරට ‍දේශීය කර්මාන්ත කරුවන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශණය, අලෙවිය හා සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා නිල වශයෙන් ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාව නියෝජනය කරන දෙනෙත් අහිමි ශෂී මධුසංඛ ක්‍රීඩකයා මුලින්ම තරග අංක 282 යටතේ ලියාපදිංචිය සිදු කළේය. රේන්බෝ ක්‍රීඩා සමාජයේ ජුලියන් බෝලින් යටතේ පුහුණුව ශෂී තුන්ප්‍රයාම තරග ඉසව්‍ව ප්‍රගුණ කරමින් සිටින ක්‍රීඩකයෙකි. ඔහුට තරගය නියෝජනය කිරීමට අවශ්‍ය උපකරණ කට්ටලයක්ද එහිදී පිරිනැමීය.

රෝද පුටුවෙන් තරගයට එක්ව සිටින පූර්ණ ආබාධිත සෙබල සෝමසිරි මහතා තරග අංක 1024 යටතේ දෙවැනුවට ලියාපදිංචිය විය. ඔහු ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරගාවලියට එක්ව සිටී.

ප්‍රෝ ආම් සෙරන්ඩිබ් සංවිධානය අයන්මෑන් 70.3 තරගාවලියට අනුග්‍රහකයන් ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය කටයුතු කරන අතර සෙසු අනුග්‍රහකයන් ලෙස සැන්ග්‍රීල්ලා හෝටලය, ‘මාස්’, ඩෙල්මා තේ, හේලීස,සෙලින්කෝ වී.අයී.පී ආයතනය හා ආසිරි සෞඛ්‍ය සේවය තරගාවලිය සමග එක්ව සිටී.

ඡායාරුප - තුෂාර ප්‍රනාන්දු 

නව අදහස දක්වන්න