යතුරුපැදියේ ගිය තිදරු පියා ටිපර් රියට බිලි | දිනමිණ

යතුරුපැදියේ ගිය තිදරු පියා ටිපර් රියට බිලි

පන්නල දෙස සිට ගිරිඋල්ල දෙසට ධාවනය කරමින් තිබූ ටිපර් රථයකට, ගිරිඋල්ල මත්තේගම පාරේ දී යට වූ යතුරුපැදිකරුවකු දඹදෙණිය රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ දී මියගිය බව ගිරිඋල්ල පොලීසිය

පවසයි. මියගොස් ඇත්තේ මත්තේගම මාස් ෆැබ්රික් පාර්ක් වැඩ බිමෙහි සේවය කළ පන්නල

කොටුවැල්ල පදිංචිව සිටි ඩබ්. ඒ. සුසිල් පේමසිරි නැමති 35 හැවිරිදි තිදරු පියෙකි. ඔහු තම

දරුවන් ද පාසලට ඇරලවා රැකියාවට යාමට තම වැඩපළ සමීපයට පැමිණ එයට හැරවීමට උත්සාහ කළ අවස්ථාවේ දී පිටුපසින් පැමිණි ටිපර් රථයට හැපී ඇත. ඔහුත් සමඟ මීටර් 25ක් පමණ යතුරුපැදිය ඇදී ගොස් තිබිණි. සිද්ධිය පිළිබඳ ටිපර් රථය සහ එහි රියැදුරු ගිරිඋල්ල පොලිස් රථවාහන අංශය මඟින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. 

ගිරිඋල්ල සමූහ ඩබ්. ඒ. සරත්


නව අදහස දක්වන්න

Or log in with...