ජාත්‍යන්තර සූර්ය සන්ධානයේ ආරම්භක සම්මේලනයට එන්නැයි ජනපතිට ආරාධනා | දිනමිණ

ජාත්‍යන්තර සූර්ය සන්ධානයේ ආරම්භක සම්මේලනයට එන්නැයි ජනපතිට ආරාධනා

නව දිල්ලියේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සූර්ය සන්ධානයේ ආරම්භක සම්මේලනය සහ සූර්ය සමුළුව සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අත්සන් කරන ලද ආරාධනා පත්‍රය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු සහ ප්‍රංශ තානාපති ජීන්-මරින් ෂුහ් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙනු ලැබීය.

ලොව පුරා රාජ්‍ය නායකයින් 30ක් පමණ සහ නියෝජිතයින් 500 කට වැඩි පිරිසක් සහභාගි වනු ඇති බව විශ්වාස කරන මෙය 2018 මාර්තු 11 වැනිදා නව දිල්ලියේ දී පැවැත්වේ. 

ක්‍රිසන්ති විතාරණ

නව අදහස දක්වන්න