ස්වර්ණාභරණ මිලදී ගැනීමේදී ප්‍රමිති සහතික මුද්‍රාව බලන්න | දිනමිණ

ස්වර්ණාභරණ මිලදී ගැනීමේදී ප්‍රමිති සහතික මුද්‍රාව බලන්න

චමීර ඇල්ලදෙණිය

ස්වර්ණාභරණ මිලදී ගැනීමේදී එම භාණ්ඩවල ප්‍රමිති සහතික මුද්‍රාව (හෝල් මාර්ක්) තිබේ දැයි සොයා බලන ලෙස ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරීය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ස්වර්ණාභරණ නිසි ප්‍රමිතියකින් යුතුද යන්න ජාතික මැණික් හා ස්වණාභරණ අධිකාරිය පරික්ෂා කර එහි නිල මුද්‍රාව තබා ඇති බවත් එය ඕනෑම රත්‍රං භාණ්ඩය පෙනෙන්නට තිබෙන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරල් මහේෂ් ගම්මන්පිල මහතා පැවසීය.

2006 අංක1436/6 ගැසට් පත්‍රයට අනුව රත්‍රං භාණ්ඩ කැරට් 22 සහ කැරට් 18 නිවැරැදි ප්‍රමිතයකින් තිබේ දැයි සොයා බැලීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පවරා ඇත. ඒ අනුව සෑම රත්‍රං භාණ්ඩයක්ම පරීක්ෂා කැර මුද්‍රා තැබීමට අධිකාරිය පියවර ගෙන තිබේ.

ස්වර්ණාභරණ නිෂ්පාදනය කරන ව්‍යපාරිකයින් මේ පිළිබඳ දැනුම්වත් කර ඇති අතර, එක් එක් ව්‍යාපාරිකයින් තමන්ගේ භාණ්ඩවලට ප්‍රමිති සහති මුද්‍රාව තබා ගන්නා විට එම ආයතනය සඳහා ෂොප් මාර්ක් මුද්‍රාවද නිකුත් කරනු ලැබේ.

දැනට මෙම ආයුරින් ව්‍යාපාරිකයින් 2100 දෙනකු ලියාපදිංච් වී ඇති බවත් ඉදිරියේදි මේ වසර අවසානය වන විට සියළුම ස්වර්ණාභරණ ව්‍යාපාරිකයින් ලියාපදිංච් කිරීමට නියමිත බවත් මහේෂ් ගම්මන්පිල මහතා කීවේය.

මෙම ක්‍රමවේදය හරහා පාරිභෝගිකයාට නිවැරැදි ප්‍රමිතියෙන් යුතු ස්වර්ණභරණ තමන් සතු කර ගත හැකි බවත් වෙළෙඳ පොළේ තිබෙන ප්‍රමිතියෙන් තොර රත්‍රං භාණ්ඩවලට පාරිභෝගික ජනතාව රැවටීමේ ඉඩකඩ මෙමඟින් අහිමි වන බවත් ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය.

මෙම ප්‍රමිති සහතික මුද්‍රාව නොමැතිව ස්වර්ණාභරණ ක්ෂේත්‍රය තුළ ව්‍යාපාර සිදුකරන ව්‍යාපාරිකයින් වැටලීමේ හැකියාව ඇති බවත් ඔවුන්ට රුපියල් දස ලක්ෂයක දඩයකට යටත් කළ හැකි බවත් ගැසට් නිවේදනයේ සඳහන් බවත් අධ්‍යක්ෂ ජෙනරල්වරයා කියා සිටියේය.

කෙසේ වෙතත් වැටලිම් වලට වඩා පාරිභෝගික ජනතාවගේ ප්‍රමිති සහතික මුද්‍රාවට ඇති ඉල්ලුම අනුව ව්‍යාපාරිකයා ප්‍රමිති සහතික මුද්‍රාව යෙදිමට පෙළඹවිම පළමුවෙන්ම සිදු කරන බවත් ඒ අතර ව්‍යාපාරිකයින් මේ පිළිබඳ දැනුම්වත් කරන බවත් හෙතෙම සඳහන් කෙළේය.

පාරිභෝගික ජනතාව අත දැන් තිබෙන ස්වර්ණාභරණ නිසි ප්‍රමිතියෙන් ඇත්දැයි දැනගැනීමට පවා කළ හැකි බවත් ඒ සඳහා එක් රන් භාණ්ඩයකට රුපියල් 980ක මුදලක් අයකරන බවත් අධ්‍යක්ෂ ජෙනරල්වරයා වැඩිදුරටත් කීවේය. 

නව අදහස දක්වන්න