කළු ගඟ අවට පානීය ජල ගැටලුවක් | දිනමිණ

කළු ගඟ අවට පානීය ජල ගැටලුවක්

වාද්දුව, කළුතර, බේරුවල සහ ඒ අවට  ජනතාවට ලැබෙන නල ජලයට කරදිය මුසුව ඇති බැවින් ජලය පානය කිරීමෙන් වළකින ලෙස දන්වා සිටියි.

පවතින වියළි කාලගුණයත් සමග කළු ගඟට මුහුදු ජලය එක්වීම මෙම තත්ත්වයට හේතුව බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මෙම ජලය පානයට පමණක් නුසුදුසු අතර අනෙකුත් කටයුතු වෙනුවෙන් භාවිතයේ බාධාවක් නොමැති බවද දන්වා සිටින අතර පොදු ජනතාවගේ භාවිතයට පුරවන ලද ජල ටැංකි එක්කර, මිරිදියෙන් ලවණ සහිත මුහුදු ජලය ඉවත් කිරීමේ කටුයුතුද කඩිනමින් ඉටු කෙරෙනු ඇත.

අදහස් 2ක් ඇත

adu padu naha!

නව අදහස දක්වන්න