හදිසි මෙහෙයුමෙන් 2564ක් අත්අඩංගුවට | දිනමිණ

හදිසි මෙහෙයුමෙන් 2564ක් අත්අඩංගුවට

මෙම මෙහෙයුම වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිළධාරීන් 16,256ක් සහභාගි විය.

මෙහෙයුමෙන් බීමත්ව රිය පදවා අත්අඩංගුවට ගැනීම් 504ක්, වරෙන්තුකරුවන් අත්අඩංංගුවට ගැනීම් 720ක්, විවිධ අපරාධයන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීම් 741ක්, හෙරොයින්, වෙනත් මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී මධ්‍යසාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් 71 සහ බලපත්‍ර නොමැති තුවක්කු සමග අත්අඩංගුවට ගැනීම් 04ක් සිදු කර ඇත.

මේ අනුව මුළු අත්අඩංගුවට ගැනීම් 2564ක් සිදු කර ඇති අතර මීට අමතරව රථ වාහන නඩු 4735ක් ලබාගෙන ඇත. ‍

 මෙම හදිසි මෙහෙයුම අපරාධ වැළැක්වීම මෙන්ම රිය අනතුරු අවම කිරීමේද අධිටනින් පොලිස්පති උපදෙස් මත සිදුකෙරිනි. මෙවැනි මෙහෙයුම් නිරන්තරයෙන්ම දිවයින පුරාම සිදු කිරීමටද නියමිතය.

නව අදහස දක්වන්න