මින්නේරිය ජාතික උද්‍යානයෙන් වාර්තාගත ආදායමක් | දිනමිණ

මින්නේරිය ජාතික උද්‍යානයෙන් වාර්තාගත ආදායමක්

2017 වසරේ මින්නේරිය ජාතික වන උද්‍යානයට සංචාරකයින් 163,557කට අධික පිරිසක් පැමිණ ඇති අතර රුපියල් මිලියන 238.83කට වැඩි ආදායමක් ලැබී ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි.
 
ඒ අනුව මින්නේරිය ජාතික උද්‍යානයට දේශීය සංචාරකයින් 83,961ක් පැමිණ ඇති අතර ඒ හරහා මිලියන 4.69ක ආදායමක් උපයාගෙන ඇත.
 
එමෙන් ම එම වසරේ දී විදේශීය සංචාරකයින් 79,596ක් පැමිණ ඇති අතර ඉන් රුපියල් මිලියන 171.54ක ආදායමක් උපයාගෙන ඇත.
 
සංචාරක පැමිණීමට අමතර ව රුපියල් මිලියන 62.60ක ආදායමක් ද උපයාගෙන ඇත.

නව අදහස දක්වන්න