කච්චතිව් මංගල්‍යයට ඉන්දියාවෙන් බැතිමත්හු | දිනමිණ

කච්චතිව් මංගල්‍යයට ඉන්දියාවෙන් බැතිමත්හු

කන්කසන්තුරේ කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පසුගිය 24 වෙනි දින ඉන්දිය කතෝලික බැතිමතුන් සහ ශ්‍රීලංකීය කතෝලික බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ආශිර්වාද ලබාගැනීමට පැමිණ කතෝලික බැතිමතුන්ගෙන් පිරි ඉතිරිගොස් ඇති අයුරු. ඡායාරූපය - සරත් ශ්‍රී වෙදගේ

 

වාර්ෂිකව පැවැත්වෙන කච්චතිව් මංගල්‍යය සදහා මෙවර 2000කට ආසන්න ඉන්දියානු බැතිමතුන් හා 10,000ට අධික වාර්තාගත බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ.

2009 සිට සෑම වසරකම කච්චතිව්හි ශාන්ත අන්තෝනි මුනිඳුන් වෙනුවෙන් පැවැත්වෙන දේව මෙහෙයේදී යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් හිමියන් ප්‍රධාන දේව මෙහෙය පැවැත්වූ අතර. කච්චතිව් මංගල්‍ය ඉතිහාසයේ ප්‍රථම වතාවට ගාල්ල රදගුරු ෂර්මන් වික්‍රමසිංහ හිමියන් සිංහල බසින් දේව මෙහෙය පැවැත්වීය.

ශ්‍රී ලංකා නාවික හමුදාව බැතිමතුන් වෙනුවෙන් සියලු පහසුකම් සංවිධානය කර තිබූ අතර බැතිමතුන් වෙනුවෙන් ගමනාගමන පහසුකම්ද සලසා දී තිබිණි. පොලිස් හා ත්‍රිවිධ හමුදා භටයින් අාරක්ෂාව සදහා යොදවා තිබිණි. මෙම අවස්ථාවට ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහෙෂ්වරන් මහත්මිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජෙගුණරත්න ,උතුරු නාවික විධානය බාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ යන මහත්වරු එක්ව සිටියහ.

සදුන් රමේෂ් 

 

නව අදහස දක්වන්න