*ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රිමතාණන්ගේ 132 වෙනි ජන්ම දින සමරුවේදි කොටුගොඩ ධම්මාවාස මහනායක හිමියෝ කියති
*ලාංකේය නිදහස් සටනේ නම නොකියැවෙන වීරයෙක්
මිහින්තලා රජමහා විහාරාධිපති, වලවාහැංඟුණ වැවේ ධම්මරතන නාහිමි
පුවත්පත් විශාල සංඛ්‍යාවක් මුද්‍රණය කරන ලේක්හවුස් ආයතනය ළමා, තරුණ, වැඩිහිටි යනාදි විවිධ වයස් කාණ්ඩ හා දැනුම් මට්ටම් අනුව වෙන් වෙන්ව පළකරන බැවින් එයින් රටට වටිනා සේවයක් සිදුවන බව ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාවේ උත්තරීතර මහ නායක කොටුගොඩ ධම්මාවාස මහනාහිමියෝ පැවසූහ.
කොටුගොඩ ධම්මාවාස මහනාහිමියෝ මේ බව පැවසූවේ ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 132 වෙනි ජන්ම දිනය හා ඩේලි නිවුස් පුවත්පතට සියවසක් පිරීම නිමිත්තෙන් පසුගියදා (23) සියක් නමක් විෂයෙහි පවත්වනු ලැබූ මහා සාංඝික දානමය පිංකම අවස්ථාවේදීය.
මේ පින්කමට සමගාමීව කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරාමවාසී කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඉකුත්දා (24) සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් ලේක්හවුස් ආයතනයේදී පැවැත්විනි. එම පුණ්‍ය කර්මය ගුවන් විදුලි ස්වදේශ සේවයේ සජීවීව විකාශනය කිරීම සිදු විය.
ලේක්හවුස් බෞද්ධ සංගමය සංවිධානය කරනු ලැබූ මෙම පින්කමට ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ පුත් රංජිත් විජයවර්ධන, ලේක්හවුස් සභාපති ක්‍රිශාන්ත කුරේ, කර්තෘ මණ්ඩල අධ්යක්ෂ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න, ලේක්හවුස් සාමාන්‍යාධිකාරී අභය අමරදාස යන මහත්වරු මෙන්ම පරිපාලන මණ්ඩල ප්‍රධානීන්, පුවත්පත් කතුවරු ඇතුළු සේවක මහත්ම මහත්මිහු විශාල පිරිසක් සහභාගී වූහ.
කොටුගොඩ ධම්මාවාස මහනාහිමියෝ එහිදී මෙසේද පැවසූහ. ලේක්හවුස් ආයතනය අද ඊයේ ආරම්භ කළ ආයතනයක් නොව අප අධ්‍යාපනය ලබන කාලයේ සිට ස්ථාපිතව පැවැති පැරණි පුවත්පත් ආයතනයක්.
1930 ගණන්වන විට 'දිනමිණ' පත්‍රය අලෙවි වූයේ සත තුනකට. ඊට පසුව එය සත පහක් වුණා. ආරම්භ අවධියේ 'දිනමිණ' පුවත්පතේ පිටු දෙකක්ව තිබුණා. 'දිනමිණ' පුවත්පත සමග කරට කර සටන් කරන්න කිසිම පුවත් පතක් එදා තිබුණේ නැහැ. 1930 ගණන්වල 'සිළුමිණ' පත්‍රය වඩා බලවත් වුණා. 'දිනමිණ' පුවත්පතේ තවමත් වෙසක් කලාපයක් තියෙනවා. එසේම අදටත් බොහොම සාරධර්ම ලිපි ලේඛන එම පුවත්පතේ ඵල වෙනවා. එසේම ඉතාමත් වැදගත් බෞද්ධ ලිපි ලේඛන සම්පාදනය කරනවා. මෙලෙස රටේ නිදහස හා ස්වාධීනත්වය කරා යොමුකරවන ප්‍රධාන පුවත්පත් ආයතනයක් බවට ලේක්හවුස් ආයතනය පත්වී තිබෙනවා.
විජයවර්ධන ශ්‍රීමතා ආරම්භ කළ බොහොම වටිනා කාර්යාලයක් ලෙස දිනමිණ කාර්යාලය ඇති හඳුන්වන්න පුළුවන්. බේරේ වැව අසල පිහිටා තිබීම නිසා ලේක්හවුස් ආයතනයට එදා සාමාන්‍ය ජනතාව කිව්වේ බේරේ ගෙදර කියලයි.
එතුමා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී ශ්‍රීමත් ජවහල්ලාල් නේරු, පොන්නම්බලම් රාමනාදන්, ජේම්ස් පීරිස් යනාදී අය සමග එකට ඉගෙන ගෙන ගත් සමකාලීනයෙක්.
විජයවර්ධන ළමාතැනී ඒ කාලයේ පන්සල මුල්කර ගෙන ශාසනික මෙහෙවර විශාල ලෙස ඉටුකර තියෙනවා. කැලණි රජමහා විහාරය පෘතුග්‍රීසි, ලන්දේසි කාලවලදී විනාශයට පත්වෙලා තිබුණු වෙලාවේදී රංජිත් විජයවර්ධන මහතාගේ මිත්තණිය, හෙලේනා විජයවර්ධන ආර්යාව කැලණි රජමහා විහාරය යළි ගොඩනගන්න මුල්වී කටයුතු කළා. එසේම කැලණි රජමහා විහාරස්ථානය මුල්කරගෙන අද විශාල ලෙස සංඝයා වහන්සේලාගේ සම්බන්ධතාවය එදාට වඩා දියුණු තත්වයට පත්වී තියෙනවා. ඇත්ත වශයෙන්ම දහස් ගණනකින් ලංකාව අද දියුණු තත්ත්වයට පත්වෙලා.
අපි විසින් මවුපියෝ, ශිෂ්‍යයෝ, දරුවන් සතුන් ඇතුළු සකල සත්වයා වෙනුවෙන් කතෘඥතා උපකාර කරනවානම් ඒක තමයි පින කියන්නේ. ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් රට දැය දැනුවත් කිරීම වෙනුවෙන් ලේක්හවුස් ආයතනය පිහිටුවීම නිසා අතිවිශාල පුණ්‍ය සම්භාරයක් රැස්කරගෙන තියෙනවා. බොහොම දුෂ්කරතා මැද මේ වගේ මුද්‍රණ ශිල්ප දියුණු කරා පමණක් නොව මොන තරම් දැනුමක් ලබා දී තියෙනවාද කියලා පුවත්පත පරිශීලනය කිරීමෙන් තේරෙනවා. අද තරගකාරී ලෙස තවත් පුවත්පත් වෙළෙද පොළට පැමිණ තියෙනවා. රටේ ජනනායකයින් යහමඟට යොමුකිරීමට පුවත්පත් ආයතන බිහිකළ විරුවන් අනුස්මරණය කර පින්කම් පෙත් අනුමෝදන් කිරීම බාල පරම්පරාව වෙනුවෙන් සිදුකරන ආදර්ශයක් බවත් මහනාහිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.
මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංඟුණ වැවේ ධම්මරතන නාහිමි - රට, ජාතිය නිදහස්කර ඉදිරියට ගෙනයෑමට පහළවූ ජන නායකයෙක් බව ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් හඳුන්වා දිය හැකියි. අපේ රට යටත් විජිතයක් ලෙස පැවැති වකවානුවක, නිදහස ලබා ගැනීමට ලේක්හවුස් මන්දිරය ඇති කිරීම විජයවර්ධන ශ්‍රීමතාණන් ගෙන් සිදුවූ සුවිශේෂී යුතුකම් ලෙස සැලකිය හැකියි. 1926 වසරේ ආරම්භ කළ ලේක්හවුස් ආයතනයට වසර 132ක් පිරීම නිමිත්තෙන් සිදුකරන මේ මහා පින්කම් වාර්ෂිකව සිදු කරනු ලබනවා. ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් නිදහස ලබාගැනීමට වෙහෙසක් දරපු කිසිම දේශපාලනයකට සම්බන්ධ නොවුණු ඔවුන්ට උපදෙස් හා නායකත්වය ලබා දෙමින් එතුමගේ ශ්‍රමය, ධනය, කාලය ලබාදෙමින් යටත් විජිත කාලයේ සිට මේ රටට සුවිශාල සේවයක් සිදුකල උතුම් මනුෂ්‍ය රත්නයක් ලෙස හඳුන්වාදිය හැකියි.
එතුමා සම්බුද්ධ ශාසනයට හා ජාතිය අවදිකිරීමට සුවිශාල සේවයක් කර තියෙනවා. පුවත් මගින් ලිවීම, කියවීම, භාෂණය, ශික්ෂණය ජනගත කිරීම සඳහා වෙහෙසුණු මහා වීර්යවන්ත පුරුෂයෙක්.
කැලණි රජමහා විහාරය, හුණුපිටිය ගංගාරාමය, බම්බලපිටිය වජිරාරාමය ආදී විහාරස්ථාන පෙරටුකරගෙන ශාසනික වශයෙන් සුවිශාල දායකත්වය ලබාදී තියෙනවා. නිදහස් සටනේ නොකියන චරිතයක් තමයි ඩී.ආර්. විජයවර්ධන කියන්නේ. එතුමාගේ මුදල කාලය ඇතුළු සියල්ල යෙදවුවේ රට ජාතිය වෙනුවෙන්. වර්තමානයේ ඉන්න පාලකයන්ට එතුමා ප්‍රභූවරුන් ලෙස සැලකෙන දානපතීන්ට ආදර්ශයක්. මේ රට මුදවා ගැනීමේ සටනේ සිටි චරිතයක් වුවත් රටේ කොතැනකවත් ඒ බව සඳහන් කර නැහැ. නමුත් ලේක්හවුස් වර්තමාන සභාපති මෙන්ම හිටපු සභාපතිවරු එතුමාගේ අනුස්මරණ පින්කම පවත්වා එතුමාව කෘතවේදීව සිහිපත් කරනවා.
එතුමාගේ සංකල්පයක් ලෙස 1960 ගණන්වල මිහින්තලා ආලෝක පූජාව ආරම්භ කළා. එතුමාගේ සංකල්පය මල්පල ගන්වල තියෙන්නේ රංජිත් විජයවර්ධන වන එතුමගේ පුතණුවන් විසින්. මිහින්තලෙන් බුදු දහම ලැබුණාක් මෙන් ආලෝක පූජාව ඇති කළ මිහින්තලා පුද බිමෙන් අද රට පුරාම විහාරස්ථාන වල ආලෝක පූජා කරනවා. මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව රංජිත් විජයවර්ධන මහතා හා රුවන් විජයවර්ධන මහත්වරු එකතුවී මේ වගේ ආලෝක පූජා ෛඑතිහාසික තන්තිරිමලේ පුදබිමේ ආරම්භ කර තියෙනවා.
උදුලා පීරිස්
නව අදහස දක්වන්න