තාක්ෂණික දෝෂයක්; ශ්‍රී ලංකන් සමාගම කණගාටුව පල කරයි | දිනමිණ

තාක්ෂණික දෝෂයක්; ශ්‍රී ලංකන් සමාගම කණගාටුව පල කරයි

කොළඹ ගුවන්තොටුපලේ දැනට පවතින ගුවන් ගමන් ප්‍රමාදවීම් සහ තදබදය පිළිබඳ ශ්‍රී ලංකන් ගුවන් සමාගම කණගාටුව ප්‍රකාශ කර සිටියි.

කොචීන් ගුවන් තොටුපළේ දී ගුවන් යානයෙහි කුරුල්ලෙකු ගැටීමෙන් ගුවන් යානයට සිදුවූ හානිය ඇතුළු තවත් අනපේක්ෂිත සිද්ධි කිහිපයක් මෙම ගුවන් ගමන් ප්‍රමාද වීමට හේතුවී ඇති බව ගුවන් සමාගම නිවේදනය කර සිටියි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පිටත්ව යාමට පෙර ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා හෝ පැය 24 පුරා ක්‍රියාත්මක ඔවුන්ගේ ඇමතුම් මධ්‍යස්ථානය 011-97331979 ඔස්සේ හෝ තම සංචාරක නියෝජිතයන්ගෙන් ගුවන් ගමන පිළිබඳව විමසන ලෙසට සියලුම මගීන්ගෙන් ඔවුන් ඉල්ලා සිටියි.

එමෙන්ම, ඔබගේ ෆ්ලයිස්මයිල්ස් ගිණුමෙහි නිවැරදි ජංගම දුරකතන අංකයසහ ඊමේල් ලිපිනය ඇතුළත් කර තිබීම ඔබට ප්‍රමාදයන් පිළිබඳ කල්තියා දැනුවත් කිරීමට පහසුවක් බවද ඔවුන් පවසයි.

ගනුදෙනුකරුවන් මෙම අවස්ථාවේදී පෙන්නුම් කරන අවබෝධය සහ ඉවසීම ඉතා අගය කරන බවත්, මේ පිළිබදව ඔවුන්ගේ අවංක කනගාටුව පිළිගන්නා ලෙස කාරුණිකව දැනුම්දෙන අතරම ගුවන් ගමන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා පැය 24 පුරාම වැඩකටයුතු කරන බවට සහතික වන බවත් ඔවුන් වැඩිදුරටත් කියයි.


නව අදහස දක්වන්න