ඡායාරූපයක් ඉන්දියාව කලඹයි | දිනමිණ

ඡායාරූපයක් ඉන්දියාව කලඹයි

කේරළයේ මවුවරුන් බියවිය යුතු නැහැ.දරුවන්ට මවුකිරි දීමට අපි සූදානම්! ලෙස සඳහන් කරමින් කේරළයේ ප්‍රකාශයට පත් කරන 'ග්‍රිහලක්ෂ්මී' සඟරාවේ පිට කවරය සඳහා ගිලු ජෝසෆ් නමැති නිරූපිකාව බිළිඳකුට මවුකිරි පොවන ආකාරය දැක්වෙන පිංතූරයක් පළ කිරීමත් සමග සමාජ මාධ්‍ය ජාලයේ මත ගැටුමක් ආරම්භ වී ඇත.

ගැටුමට මුල් වී ඇත්තේ මෙම නිරූපිකාව තවමත් මවු පදවිය ලබා නැති බව පවසමින් වන අතර ඉන්දීය සමාජය තුළ අසහනකාරී උණුසුම් විවාදයක් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වාර්තා වන අන්දමට කාන්තාවක් විවෘත මට්ටමින් තනකිරි පොවන ආකාරය දැක්වෙන පිංතූරයක් ඉන්දියානු සඟරාවක පිට කවරයේ පළ කරන ලද පළමු අවස්ථාව මෙය යි. එම ඡායාරූපය පළ කිරීමෙන් බලාපොරොත්තු වුයේ ප්‍රසිද්ධ ස්ථානවල දී වුවද දරුවන්ට මවුකිරි දීම සඳහා මවුවරුන් දිරි ගැන්වීමේ අරමුණෙන් බව සඟරාවේ කතුවරිය පවසන්නීය.

 

නව අදහස දක්වන්න