චීන විමුක්ති හමුදාවෙන් තුන් ලක්ෂයක් කපා හරී | දිනමිණ

චීන විමුක්ති හමුදාවෙන් තුන් ලක්ෂයක් කපා හරී

ලොව විශාලතම යුද හමුදාව ලෙස සැලකෙන චීනයේ මහජන විමුක්ති හමුදාවේ තුන් ලක්ෂයක භට පිරිසක් කපා හැරීමට තීරණය කර තිබේ.

චීන අග්‍රාමාත්‍ය ලී කියෑන් එරට මහජන කොංග්‍රසය වෙත පෙරේදා(05) මෙම භට පිරිස අඩු කිරිම පිළිබඳ සැලසුම ඉදිරිපත් කර තිබේ. මේ වන විට විසි තුන් ලක්ෂයක් වන චීන විමුක්ති හමුදාව විසි ලක්ෂයක් දක්වා අඩු කිරීමට මෙලෙස සැලසුම් කර ඇත.

එමඟින් අනාගතයේදි ඇතිවිමට හැකි යුද්ධ ජයග්‍රහණය කිරීම සඳහා ශක්තිමත් හමුදාවක් නිර්මාණය කිරීම අරමුණු වී ඇත.

80 දශකයේ හතලිස්පන් ලක්ෂයක් වු චීන විමුක්ති හමුදාව 1985 වසරේදි තිස් ලක්ෂයක් දක්වා අඩු කර ඇත.

නව අදහස දක්වන්න