යුධ හමුදාපති - මල්වතු නාහිමි සාකච්ඡාවක | දිනමිණ

යුධ හමුදාපති - මල්වතු නාහිමි සාකච්ඡාවක

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේත් සාකච්ඡාවක් පැවැත්විණි.

මහනුවරදී පැවති මෙම සාකච්ඡාවට ආරක්ෂක ප්‍රධානීන් මෙන්ම, ප්‍රදේශයේ ආගමික නායකයන් ද එක්වූ අතර එහිදී එම ප්‍රදේශවල සාමකාමී වාතාවරණය අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව අවධානය යොමුකර තිබේ.

අනතුරුව යුධ හමුදාපති මහේෂ් සේනානායක අද මල්වතු පාර්ශ්වයේ මහ නායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදුටුවේය.

 


නව අදහස දක්වන්න