රුසියා යානයේ සිටි හමුදා භටයන් 39 දෙනාම මියගිහින් | දිනමිණ

රුසියා යානයේ සිටි හමුදා භටයන් 39 දෙනාම මියගිහින්

 සිරියාවේ දී අනතුරට පත් රුසියා හමුදා ගුවන් යානයේ ගමන් කළ හමුදා භටයින් 39 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර එහි ගමන් කර ඇත්තේ 32 දෙනකු ලෙස ඔවුන් ප්‍රකාශ කළ ද එම සංඛ්‍යාව 39 ක් බව මෙහිදී අනාවරණය කර ඇත.

මෙය ප්‍රහාරකට ලක්ව නොමැති බවත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අනතුරට පත් වූ බවත් එහි දත්ත තහවුරු කරන බව එම ප්‍රකාශයේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ෂණ සිදු කෙරෙන අතර රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් අනතුරින් මිය ගිය හමුදා භටයින් වෙනුවෙන් ඔවුන් ගේ පවුල් වෙත සිය ශෝකය ප්‍රකාශ කර තිබේ. 


නව අදහස දක්වන්න