ලොකු ලොකු සිහින දකින්න මිෂෙල් ඔබාමා දෙහැවිරිදි රසිකාවකට කියයි | දිනමිණ

ලොකු ලොකු සිහින දකින්න මිෂෙල් ඔබාමා දෙහැවිරිදි රසිකාවකට කියයි

 ලොකු ලොකු සිහින දකින්න යැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිරිඳ වන මිෂෙල් ඔබාමා අවුරුදු දෙකක් වයසැති තම සිඟිති රසිකාවකට පවසයි. ඇය මෙසේ පැවසුවේ ‘මිෂෙල් ඔබාමා රැජිනක්. මමත් ඇය වගේම රැජිනක් වෙනවා‘ යැයි පවසන පාර්කර් කරි නම් දැරියටයි.

චිත්‍රයකට නගා ඇති මිෂෙල් ඔබාමා ගේ රුව දුටු පාර්කර් මෙසේ පවසා තිබේ. පසු දිනෙක ඇයගේ සිහින තරුව මුණ ගැසීමට අවස්ථා හිමි වූ ඇය හමු වීම සතුටක් බව පවසමින් මිෂෙල් ඔබාමා දැරිය හා නර්තනයේ යෙදෙන වීඩියෝවක් අන්තර්ජාලය වෙත මුදා හැර තිබේ. විශාල සිහින දකින ලෙසත් මතු දවසක තමන් ආසාවෙන් ඇයගේ රුව චිත්‍රයකට නගා ඇති අයුරු නරඹන බවත් ඇය එහි සටහන් කර ඇත.

මිෂෙල් ඔබාමා ගේ මෙම ඡායාරූපය වොෂින්ටන් ජාතික චිත්‍ර ප්‍රදර්ශන ශාලාවේ නිරාවරණය කෙරුණේ පසු ගිය මාසයේ දීය. 


නව අදහස දක්වන්න

Or log in with...