ඔස්කාර් සම්මාන උළෙලේ දී ශෂී කපූර් සහ ශ්‍රී දේවී ඇගැයුමට | දිනමිණ

ඔස්කාර් සම්මාන උළෙලේ දී ශෂී කපූර් සහ ශ්‍රී දේවී ඇගැයුමට

 බොලිවුඩයේ සිනමා තාරකාවන් ලෙස ශෂී කපූර් සහ ශ්‍රී දේවී පසුගිය දා පැවැති 90 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ දී ගෞරවයට පාත්‍ර විය. සිනමා ක්ෂේත්‍රයට අගනා මෙහෙවරක් ඉටු කර ගෙවී ගිය වසරේ ජීවිතයෙන් සමු ගත් සියලු දෙනා මෙම වසරේ දී ද ඔස්කාර් සම්මාන උළෙලේ දී සිහිපත් කරන ලදී.

එඩී වෙඩර් විසින් සජීවිව ටොම් පෙටීගේ ගීතයක් ඉදිරිපත් කරමින් ජේම්ස් බොන්ඩ් ලෙස ප්‍රකට ශ්‍රීමත් රොජර් මුවර්, ප්‍රංශ නළු ජෙයෑන් මොරු, නළු සෑම් ෂෙපර්ඩ් , අධ්‍යක්ෂකවරුන් වන ජොර්ජ් රොමෙරෝ සහ ජොනතන් ඩේම් මෙහිදී ගෞරවයට පාත්‍ර වූ සෙසු පිරිස විය. 


නව අදහස දක්වන්න

Or log in with...