මහනුවර සිදුවීම් මෙහෙය වූ 10ක් අත්අඩංගුවේ | දිනමිණ

මහනුවර සිදුවීම් මෙහෙය වූ 10ක් අත්අඩංගුවේ

මහනුවර සිදුවීම මෙහෙයවූ බව කියන සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ, මහනුවර සිදූවිම්වලට සම්බන්ධ බව කියන සැකකරුවන් 10 දෙනෙකු අද අලුයම දිගන සහ පූජාපිටිය ප්‍රදේශවලදී පොලිස් තස්ත්‍ර විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අැති බවයි.

මෙම සිදුවීම් සියල්ල මෙහෙයවූ ප්‍රධාන සැකකරු වන විදාන පතරණගේ අමිත් ජීවන් වීරසිංහ නමැත්තා ද අත්අඩංගුවට පත් වූවන් අතර වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේය.

එමෙන් ම ඔහුගේ ප්‍රධාන සහයකයා ලෙස කටයුතු කළ නස්නාරම් පට්ටියගේ සුරේද සුරවීර නමැත්තා ද අත්අඩංගුවට ගත් බව ද සදහන්.

නව අදහස දක්වන්න