රසිකාවක පැවරූ දේපළ සංජේ දත් එපා කියයි | දිනමිණ

රසිකාවක පැවරූ දේපළ සංජේ දත් එපා කියයි

බොලිවුඩ් නළු සංජේ දත්ට පවරා ඇති ඔහුගේ රසිකාවියකගේ බැංකු තැන්පතු සහ වස්තුව ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇත. සංජේ දත් වෙත සිය මුදල් තැන්පතු සහ වස්තුව තැන්පත් කළ සේප්පුව පැවරූ 62 හැවිරිදි නිෂි හරිශ්චන්ද්‍ර ත්‍රිපති මිය යාමෙන් පසු ඒවා භාර ගන්නා ලෙස බැංකුවෙන් ඔහු වෙත දන්වා ඇත. තම රසිකාවිය‍‍ගේ මේ ක්‍රියාවෙන් තමා දැඩි ලෙස ශෝකයට පත් වූ බව සංජේ දත් කියා සිටියි. මේ බව බැංකුවෙන් දැන් වූ විට තමා පුදුමයට පත් වූ බව ද එම තැනැත්තිය පෞද්ගලිකව නොහඳුනන කිසි දිනෙක හමු නොවූ තැනැත්තියක බව ද ඔහු පවසයි. ඒ සියල්ල ආපසු ත්‍රිපති පවුලට පැවරීමට අවශ්‍ය නීතිමය කටයුතු බැංකුව හා එක්ව සිදු කිරීමට තම නීතිඥයාට උපදෙස් දුන් බව සංජේ දත් වැඩිදුරටත් සඳහන් කරයි.


නව අදහස දක්වන්න