රසායන කම්හලක පිපිරීමක් - 03ක් මරුට | දිනමිණ

රසායන කම්හලක පිපිරීමක් - 03ක් මරුට

ඉන්දියාවේ මහාරාෂ්ටයේ පල්ගා ප්‍රදේශයේ රසායන කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් කුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි තිදෙනෙකු මරණයට පත්ව අැතැයි විදෙස් වාර්තා පවසයි.

ඊයේ රාත්‍රී 11.15ට පමණ මෙම පිපිරීම සිදුව අැති අතර පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා අැති බවයි පල්ගාහි පොලීසිය සදහන් කලේ.

අදාළ රසායන කර්මාන්ත ශාලාව තුළ සිදුවූ පිපිරීමත් සමග ඇති වූ ගින්න නිවා දැමීම සඳහා එරට ගිනි නිවීම් හමුදාව කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව අදහස දක්වන්න