වියපත් බඹරා මිස්ටර් බීන් | දිනමිණ

වියපත් බඹරා මිස්ටර් බීන්

ෆවුස් මොහොමඩ්

ඕනෑම පෙම්වතකු ප්‍රේමය වෙනුවෙන් ඕනෑම වස්තුවක් අත්හැරීමට පසුබට නොවන බව කියා පාමින් මිස්ටර් බීන් සිය ජීවිතයට වඩා ඇළුම් කළ පවුම් මිලියන 10කට අධික වටිනාකමින් යුතු සුපිරි මන්දිරය හිටපු බිරිය ඉන්දීය ජාතික සුනේත්‍රා ශාස්ත්‍රීට ඊයේ පෙරේදා පිරිනැමුවේය. එය පිරිනැමුවේ දෙදෙනා අතර වසර දෙකක් පුරා ඇදී ගිය දික්කසාද නඩුවේ වන්දියක් ලෙසිනි.

එංගලන්තයේ දකුණු දිග පළාතේ රමණීය කඳුවැටියකට යාබදව පිහිටි කොට්ස්වල්ඩ්ස් හී මේ අතිනවීන පන්නයේ සුඛෝපභෝගී මන්දිරය ඉදි කිරිමට මිස්ටර් බීන් නමින් ලොව පුරා ප්‍රචලිතව සිටි එංගලන්තයේ සුප්‍රකට නළු 62 හැවිරිදි රෝවන් ඇට්කින්සන් සිය අසල්වාසීන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් සමග ගැටුම් ඇතිකර ගත්තේ දශකයකට වැඩි කාලයක් තිස්සේය. එසේ විශාල අරගලයකින් පසුව සිය සිහින මන්දිරය ගොඩනැගූ මේ ප්‍රේමනීය නළුවා සිය 56 හැවිරිදි පළමු බිරිය අතහැර 34 හැවිරිදි සුරූපි නිලි ලුයිස් ෆෝර්ඩ්ගේ පහස විඳීමේ නීත්‍යානුකූල අයිතිවාසිකම් ලබාගත්තේද එවැනිම අරගලයකින් පසුවය.

බී.බී.සී. පුවත් සේවයේ වේශ නිරූපන ශිල්පිනියක ලෙස රැකියාව කළ සුනේත්‍රා සමග දශක දෙකකට වැඩි කාලයක් පැවැති දීගය නිමාවට පත් කරමින් මිස්ටර් බීන් රූපවාහිනි නිවේදිකාවක හා ටෙලි නාට්‍ය නිලියක වූ ලුයිස් සමග හාද වූයේ මිට වසර 4කට පෙරය.

චැනල් 4 රූපවාහිනි සේවයේ රැකියාව කළ ලුයිස් එවකට එංගලන්ත රජපවුලේ දැඩි විවේචනයටත්, මහ බ්‍රිතාන්‍ය ජනතාව අතර දැඩි ආන්දෝලනයකටත් තුඩුදුන් ‘ද වින්ඩ්සර්ස්‘ රජපවුලේ වෘතාන්ත රූපවාහිනි කතා මාලාවේ දෙවැනි අදියරේදී විලියම් කුමරුගේ බිරිය කේට් කුමරියගේ චරිතය නිරූපනය කරමින් දැඩි අවධානයට ලක්වූවාය.

ඉන් අනතුරුව Crashing රූපවාහිනි වෘතාන්ත කතා මාලාවේත්, Fast Girls චිත්‍රපටයේත් රංගනයෙන් රසික ජනතාව අතරට ගියාය.

මිස්ටර් බීන් සහ ලුයිස් අතර පෙම් පළහිලව්ව ඇතිවූයේ 2012දී ඔවුන් දෙදෙනා එක්ව ‘වෙස්ට් එන්ඩ්‘ වේදිකා නාට්‍යයට දායකත්වය ලබාදෙමින් සිටියදීය. මුලදී සෙල්ලමට මෙන් ආරම්භ වූ මේ පළහිලව්ව අන්තිමේදී ඔහුට විවාහ ජීවිතය තිත්ත වෙන තැනට වැඩි සිද්ධවීම දක්වා දුර දිග ගියේය.

2014දී සුනේත්‍රා සහ මිස්ටර් බීන් අතර විවාහය කඩාකප්පල් වූයේ ඔහුගේ මේ සෙල්ලක්කාර වැඩ නිසාය. සිය මහළු සැමියාගේ මේ අලුත් ප්‍රේම වෘතාන්තය නිසා දැඩි කෝපයටත්, කළකිරිමටත් පත් සුනේත්‍රා දරුවන් දෙදෙනා වන 25 හැවිරිදි බෙන් සහ 21 හැවිරිදි ලිලි සමග ඔහු අතහැර ගියාය. ඉන් නොනැවති දික්කසාද නඩුවක් ද දැමුවේය.

ඔහු තුන්වැනි වතාවටත් තාත්තා කෙනකු වූයේ පසුගිය වසරේ දෙසැම්බරයේදීය. ඒ වෙද්දී සුනේත්‍රා සහ මිස්ටර් බීන් අතර දික්කසාදය නිමාවට පත්වූ තිබුණේ ද නැත. එය එතරම් දුරට ඇදී ගියේ පවුම් මිලියන 80කට වඩා අධික ධන සම්භාරයකට හිමිකම් කියන මිස්ටර් බීන්ගෙන් අතිවිශාල වන්දියක් ඇය විසින් ඉල්ලා සිටිම නිසාය.

දරු දෙදෙනකු සමග වෙනම ජීවිතයක් ගත කිරීමට සිදුවීම ගැන ඉන්දීය ජාතික ගැහැනියක වූ සුනේත්‍රාට ඇතිවූයේ දැඩි කෝපයකි. දශක දෙකක කාලයක් පුරා ජීවිතය බෙදා හදා ගත් සිය සැමියා තමාට වඩා වසර විසි ගණනක් බාල ගැහැනියකගේ තුරුලට යාම ඉවසන බිරියක් මෙලොව නැත. ඇය අතිවිශාල වන්දියක් ඉල්ලා සිටියේ මේ කරුණු කාරණාත් සිතෙහි තබාගෙනය. ඔහු තුන්වැනි වතාවටත් තාත්තා කෙනකු වූයේ ඒ අතරතුරදීය.

අන්තිමේදී තරුණ බිරිය වෙනුවෙන් ඔහු සිය ජීවිතයටත් වඩා ඇළුම් කළ සුඛෝපභෝගී මන්දිරය අත හැරිමට සිදුවූයේ තව දුරටත් වන්දි මුදලේ දිග පළල ගැන සිතන්නට තරම් ඔහුට කාල වේලාවක් නොතිබුණු නිසාය. අලුතින් තාත්තා කෙනෙකුවීම නිසා ඔහු සිටියේ වෙනම ලෝකයකය. ඇරත් තරුණ බිරියගේ පහසින් කුල්මත්වී සිටි මිස්ටර් බින්ට සුනේත්‍රා පෙනුණේ මහළු ගැහැනියක ලෙසටය. තරුණ පෙමින් මත්වී සිටි නිසා තම මහළු බවත් ඔහුට එහෙම පිටින්ම අමතකවී තිබිණි.

සීයා කෙනෙකු වීමට ආසන්න වයසක පසුවන සිය පියා අලුතින් තාත්තා කෙනකුවීම නිසා පළමු විවාහයේ දරුවන් වූ බෙන් සහ ලිලී පසුවූයේ වෛරයකිනි. පිය සෙනෙහස උදුරාගත් ලුයිස් ගැන මේ දරුවන් දෙදෙනා පසුවූයේ ඊටත් වඩා වෛරයකිනි. ඔවුන් දැන් සිය මව සුනේත්‍රා සමග පියාගෙන් ලැබුණු අතිනවීන මන්දිරයේ පදිංචියට යාමේ සූදානමින් සිටිති. පියාගේ වාසගම අතහැර ඔවුන් දැන් භාවිත කරන්නේ මවගේ වාසගමය.

 

නව අදහස දක්වන්න