ඊස්ට් ගංඟට හෙළිකොප්ටරයක් කඩා වැටෙයි - VIDEO | දිනමිණ

ඊස්ට් ගංඟට හෙළිකොප්ටරයක් කඩා වැටෙයි - VIDEO

නිව්යොක් නගරයේ ඊස්ට් ගංඟාවට හෙළිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගලවා ගැනීමේ කිමිඳුම්කරුවන් විසින් පුද්ගලයින් තිදෙනෙකු බේරාගෙන රෝහල්ගත කර ඇති අතර යානයේ නියමුවා දිවි බේරාගෙන ඇත. 

බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අනතුර සිදුවන අවස්ථාවේ යානයේ පුද්ගලයින් 06 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවයි.

රූස්ට්වෙල්ට් දිවයින අසල ඊස්ට් ගංඟාවට මෙලෙස කඩා වැටී ඇත්තේ, ඡායාරූපගත කිරීමක් සඳහා ගිය පිරිසක් රැගත් යානයකි.

අනතුරු සම්බන්ධයෙන් එරට ‍ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ.

 

නව අදහස දක්වන්න