ඉන්දියාවේ ගොවියෝ මුම්බායි නගරය වටලති | දිනමිණ

ඉන්දියාවේ ගොවියෝ මුම්බායි නගරය වටලති

 ණය ලබා ගැනීමේ අයිතිය සහ තම අස්වැන්නේ වටිනාකමට සරිලන මිලක් ඉල්ලා ඉන්දියාවේ ගොවීන් 50,000කට වැඩි පිරිසක් කිලෝ මීටර් 167ක් පා ගමනින් ගමන් කර එරට ප්‍රධානතම මූල්‍ය නගරය වන මුම්බායි නගරය ආක්‍රමණය කළහ. නාෂික් සිට මුම්බායි හි අසාද් මයිදන් පිටිය වෙත පැමිණීමට ඔවුන්ට දින හයක් ගත වී ඇත. පාසල් විභාග සහ රැකියා සඳහා යන පිරිස් වෙත බාධා නොවන ලෙස ඔවුන් ඊයේ (12) අලුයම් කාලය වන විට එම පිටියට පැමිණ තිබුණි.

මීට ළමයින් කාන්තාවන් මෙන්ම වැඩිහිටියන් ද එක්ව සිටි අතර පසුගිය වසරේ රජය පොරොන්දු වූ පරිදි ණය පහසුකම් ලබා නොදුන් බවට ඔවුන් චෝදනා කරයි. එසේම අවම වශයෙන් තම අස්වැන්නේ වටිනාකම මෙන් එක හමාරක වටිනාකමක් අවශ්‍ය බව ගොවීහු පවසති. කැළෑබද ප්‍රදේශ වගා කරන ගෝත්‍රික ගොවීන් සඳහා ඔවුන්ටම අයත් භූමියක් ලබා ගැනීම ද මේ උද්ඝෝෂණයේ තවත් අරමුණකි. තම අවශ්‍යතා සඳහා රජයෙන් යහපත් ප්‍රතිචාර ලබා දෙන තුරු ඔවුන් මුම්බායි හි රැඳී සිටීමට අපේක්ෂා කරයි.

මේ උද්ඝෝෂණය අවසන් කිරීම සඳහා සාකච්ඡාවට සූදානම් බව මහරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය පවසයි. 

 


නව අදහස දක්වන්න

Or log in with...