ජීවිත ගණනක් අහිමි කළ ගුවන් අනතුර | දිනමිණ

ජීවිත ගණනක් අහිමි කළ ගුවන් අනතුර

නේපාලයේ කත්මණ්ඩු ගුවන්තොටුපොළේදී ඊයේ(12) සිදු වූ ගුවන් අනතුරින් පුද්ගලයින්49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

යූ එස් බංග්ලා ගුවන් සේවයට අයත් මෙම යානය නේපාලයේ කත්මන්ඩු නුවර ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබැස්වීමට යාමේදී මේ අනතුර සිදුව තිබේ.

අනතුරට පත්වන අවස්ථාවේ ඒ තුළ මගීන් 67 දෙනෙකු සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු ගමන් කරමින් සිටි බව සදහන් වේ.

ගිනිගත් යානයෙන් දුම පිටවෙන ආකාරය දැක්වෙන ඡායාරූප හා වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලවලට මුදා හැර ඇති ආකාරය ද දැකගත හැකිවේ.

ගින්න මැඩපැවැත්වීමට හැකි වූ බව ගුවන්තොටුපොළ බලධාරීන් ප්‍රකාශ කරන අතර අනතුරත් සමග ගුවන්තොටුපොළේ සියලුම ගුවන් ගමන් වාර අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.


නව අදහස දක්වන්න