යතුරුපැදියේ ගිය දෙදෙනා ම ටිපර් රියට බිලි | දිනමිණ

යතුරුපැදියේ ගිය දෙදෙනා ම ටිපර් රියට බිලි

ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටි. එම්. ගුණානන්ද

තඹලගමුව පොලිස් වසමට අයත් කොවිල්අඩි ප්‍රදේශයේ පෙරේදා (12) සිදු වු යතුරුපැදි - ටිපර් රථ අනතුරෙන් යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනා ම මියගිය බව පොලිසිය කියයි. මෙසේ මියගියේ චීනවරාය, වෙල්ලමනල් පදිංචිකරුවන් වන මොහොම්මදු නලිම් ඉජාන් ඉලාහීර් (21) හා මොහොමඩ් සිද්ධික් පායිම් අක්‍රම් (22) නමැති තරුණයන් දෙදෙනාය.

මියගිය අය කින්නියා සිට තඹලගමුව දෙසට ගමන්කර ඇති අතර බස් රථයකට ඉස්සර කිරීමට යෑමේ දී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ වැදි ඇතැයි පොලිසිය කියයි. ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ රියදුරු අනතුර වළක්වා ගැනීමට උපරිම උත්සහා දරා ඇති බව මුලික පරීක්ෂණ වලදි හෙළි වී ඇත. එහිදි යතුරුපැදිය ටිපරයේ බඳේ වැදි ඇතැයි පොලිසිය කියයි. ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

නව අදහස දක්වන්න