මේ මැතිවරණ ක්‍රමය සංශෝධනය විය යුතුයි | දිනමිණ

මේ මැතිවරණ ක්‍රමය සංශෝධනය විය යුතුයි

සුසිල් කිඳෙල්පිටිය

ඉදිරි‍යේදී පවත්වන පළාත් සභා මැතිවරණයේදී කේවල හා සමානුපාතික නියෝජනය සියයට 70 හා 30ක් වන පරිදි පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රී මහේෂ් අල්මේදා මහතා ඉකුත් පළාත් සභා සැසිවාරයේදී සභාවට යෝජනාවක් ඉදිරිපත් කළේය.

පළාත් සභාවේ සභාපති සුනිල් විජේර්තන මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව ආරම්භ වූ අතර ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ විවිධ අදහස් ඉදිරිපත් විය.

මෙහිදී යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වු අල්මේදා මහතා මෙසේ කීය.

මේ යෝජනාව ගේනකොට විවිද අදහස් පළ කළත් මේ අත්‍යවශ්‍ය යෝජනාවක්.පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල වලින් පෙනී යන්නේ ජයග්‍රහණය කළ පක්ෂයට බලය පිහිටුවන්නට නොහැකි වීමේ තත්ත්වයක්.ජය ගත් පක්ෂ වලට වඩා පරාජිත පක්ෂ වල මන්ත්‍රි ධූර සංඛ්‍යාව වැඩියි.වසර 13ක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විවිධ දේ සාකච්ඡා කළා.එක්සත් ජාතික පක්ෂය මේ නව ක්‍රමය හඳුන්වා දුන්නා.මේ ක්‍රමය සම්බන්ධයෙන් පේරාදෙණියේ මහාචාර්යවරයා දැක්වූ අදහස් සැලකිල්ලට ගත යුතුයි.ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරනවා මේ ක්‍රමයෙන් ගොඩ යන්නට.පළාත් සභා බලයත් මේ විදියට තිබ්බොත් පළාත් සභා වල බලයත් පිහිටුවීමට නොහැකි වේවි.මේ ක්‍රමයෙන් සැබෑ මහජන අදහස් පිළිඹිබු වන්නේ නැහැ.කාන්තා නියෝජනය පිළිබඳවත් පක්ෂ නායකයන් තීන්දුවක් ගත්තා.

ඉස්තිකාර් මරික්කාර් මහතා-

මේ යෝජනවා පිළිබඳව මේ සභාවේ මීට පෙරත් සාකච්ඡා කළා.මේ අය ලබා ගත් ජයග්‍රහණයෙන් පිබිදිලා තමයි මේ යෝනාව ගෙන එන්නේ.මේ යෝජනාවේ වලංගු භාවය පිළිබඳවත් ප්‍රශ්න තිබෙනවා.

සිරිකමල් ෙස්නානායක මහතා‍-

ඇතැම් ස්ථාවල ඡන්දය ප්‍රකාශ කළ අයගේ නම් වත් ජනතාව දන්නේ නැහැ.පළාත් සභා ගැන කතා කරනවා පාර්ලිමේන්තු මැතිවරණය ගැන කතා කරන්නේ කවුද? එක එක්කෙනා තමන්ට ඕනෑ ලෙස යෝජනා ගෙන එනවා.

සුනිල් වටගල මහතා-

මේ සම්බන්ධව විවාද අපි සිදු කර අවසන්.අද සාකච්ඡා කිරීමෙන් කාලයයි නාස්ති වන්නේ.මේ ඡන්ද ක්‍රමයෙන් සභා අස්ථාවර වෙලා.පාර්ලිමේන්තුවත් තියන්නේ මේ ඡන්ද ක්‍රමයටද?

ආනන්ද හරිස්චන්ද්‍ර මහතා-

මේ යෝජනාව ගේනකොට ජනතා විමුක්ති පෙරමුණ භුමිතලේ ගහපු ගැරඩියා වගේ සිටින්නේ.කාට හරි මොනවා හරිදෙනවා කියනවා නම් මේ අය කඩේ යනවා.මේ ක්‍රමය දියුණු ක්‍රමයක් ලෙස වර්ධනය කිරීමේ වගකීම අපිට තිබෙනවා.

ලලිත් වර්ණකුමාර මහතා-

මේක තමයි අවස්ථාව නිවැරදි කරගන්නට.ජනතා විමුක්ති පෙරමුණ කියනවා මේක නෙමෙයිලු අවස්ථාව.

ජගත් අංගගේ මහතා-

මේ මැතිවරණයෙන් එජාපය අන්ත පරාජයකට ලක් වුණා.මේ රටේ ජනතාව සමඟ සෙල්ලම් කරන්න බැහැ.මේක තමයි ස්වභාවය.මහේෂ් අල්මේදා මහතා මේ යෝජනාව ගෙන ඒම ගෞරවයක්.

සුසිල් කිදෙල්පිටිය මහතා-

මේ මැතිවරණයෙන් පුසව පළාත් සභා මැතිවරණය තිබ්බොත් 2004 පැමිණි යුගයට ඒවි.පැරදුණු අය දිනපු දිනපු අය පැරදුණු මැතිවරණයක් මේක.මේ මැතිවරණ ක්‍රමය සංශෝධනය විය යුතුයි.මේ මැතිවරණයෙන් පරාජිතයන්ට විශාල තැනක් ලැබි තිබෙනවා.

නිශාන්ත වර්ණසිංහ මහතා-

පාර්ලිමේන්තුවේ ඕන තරම් නීති ‍තියෙන්න පුළුවන්.ඒවා ගලේ කෙටූ ඒවා නෙමෙයි.වෙනස් කරන්න පුළුවන්.19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවඅපි සම්ම්ත කළා.රටේ අගමැති ඉවත් කිරිම අද ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගමන් කර තිබෙනවා.මේ වගේ වල් බූරු ක්‍රමයකට කැමති වෙනවාට වඩා නිවැරදි ක්‍රමයක් ස්ථාපිතකිරිමට අවධානය යොමු කළ යුතුයි.

රෝස් ප්‍රනාන්දු මහත්මිය-

හදිසි යෝනාවක් ගෙනා යුතු වන්නේ යම් අර්බුදකාරි අවස්ථාවකදීයි.බලය ලැබු අය බලය වඩාත් තීව්‍රර කර ගන්නයි මෙවැනි යෝජනා ගෙන එන්නේ.

ඝණ පූරණය නොමැති වීමෙන් යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීම සිදු නොකළ අතර සභාව මාර්තු මස 06 වැනිදා දක්වා කල් තැබීමට වැඩ බලන සභාපති ලලිත් එල්ලාවල මහතා කටයුතු කළේය.

බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි බස්නාහිර පළාත් සභා රැස්වීම් ශාලවේදී පළාත් සභා රැස්වීම පැවැත්විණි.

සුභාෂීණී සේනානායන සහ නන්ද ඒකනායක කෝට්ටේ මධ්‍යම සමූහ

නව අදහස දක්වන්න