දඩගමුව ඓතිහාසික පාඩකඩ වැවපිළිසකරයට | දිනමිණ

දඩගමුව ඓතිහාසික පාඩකඩ වැවපිළිසකරයට

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දඩගමුව සුමිත්ත ශ්‍රී සුන්දරාරාම රජ මහා විහාරය අබියස ඇති ඓතිහාසික පාඩකඩ වැව ප්‍රතිසංස්කරණය කෙරේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ පැරැණි ග්‍රාමීය වැවි පිළිසකර කිරීමේකඩිනම් වැඩපිළිවෙළ යටතේ ගම්පහ ගොවි ජන සංවර්ධන කාර්යාලය හරහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

දේවානම්පියතිස්ස රජ සමයේ මෙම ප්‍රදේශය භාරව සිටි සුමිත්ත නම් අමාත්‍යවරයා විසින් මෙම විහාරය කරවා ඒ සමීපයේම මෙම වැවද තැනවූ බවට ඓතිහාසික සාධක තිබෙන බවත් රජකාලයේ මෙම වැවේ ඇතුන් දස දෙනෙකුට එකවර පීන පීනා දියනෑමට ඉඩකඩක් තිබුණාය කියන කතාවක් ාමුළු පරම්පරාගතව පැවත එන බවත් දඩගමුව සුමිත්ත ශ්‍රී සුන්දරාරාම රජ මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී මැටිකොටමුල්ලේ පේමරතන හමියෝ පවසති.මෙම වැව හාරා රොන් මඩ ඉවත්කර පිළිසකර කිරීමක් මෙසේ සිදුවන්නේ ඉතිහාසයේ ප්‍රථමවරට විය හැකි බවත් උන්වහන්සේ පවසති.

ජයවීර සුගතපාල
අත්තනගල්ල විශේෂ


නව අදහස දක්වන්න