උතුරට මහ වැසි | දිනමිණ

උතුරට මහ වැසි

මාස ගණනාවක් පුරා පැවති දේශගුණික තත්ත්වය සම්පුර්ණයෙන්ම වෙනස්වී උතුරටත් මහ වැසි ඇද හැළෙයි. පසුගිය මාස කීපය පුරා උතුරු පළාතට දැඩි වියළි කාලගුණයක් පැවති අතර මේ හේතුවෙන් වැව් බොහෝමයක් සිඳී ගොස් තිබූ අතර ළිංවල ද ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබුණි.

නියඟය හේතුවෙන් පසුගිය මාස් කන්නයේ වගා කටයුතුද ඉතා සීමාවූ අතර කුඩා වැව් යටතේ කුඹුරු වගාවන් අතහැර දැමූහ. ඒත් පසුගියදා සිට ආරම්භවූ වැස්සෙන් ප්‍රමාද වී වැපිරු කුඹුරු වලට ප්‍රමාණවත් වේ. මේ වන විට මහා වාරිමාර්ග යෝජනා ක්‍රමය යටතේ යල කන්නයේ වගා කටයුතුද ආරම්භවී ඇතත් වැව්වල ජලය අඩු නිසා සීමා සහිත කුඹුරු ප්‍රමාණයක් වගා කෙරෙනු ඇත.

වවුනියාව මධ්‍යම විශේෂ
බණ්ඩාර විපුලසේන

නව අදහස දක්වන්න