සෝදන රැකියාවටත් බාධක | දිනමිණ

සෝදන රැකියාවටත් බාධක

පුත්තලම නගරය ආශ්‍රිත රෙදි සේදීමේ කර්මාන්තයේ යෙදෙන රජක කුලකරුවන් හෙවත් රෙදි අපුල්ලන්නන් මෑත ඉතිහාසයේ සිය කර්මාන්තයේ නොයෙදීම නිසාවෙන් පාරම්පරිකව පවත්වාගෙන යනු ලැබූ මෙම කර්මාන්තය මේ වන විට සම්පූර්ණයෙන්ම වැසී යාමේ තර්ජනයට ලක්ව ඇති බව පාරම්පරික රජක කුලකරුවෝ පවසති.

රෙදි ඇපිල්ලීම සිය වෘත්තිය කර ගත් මෙම පාරම්පරික රජක කුලකරුවන්ගේ සේවය එකල රජ දවස සිට මේ දක්වා පවත්වාගෙන යනු ලබන කා අතරත් ප්‍රසිද්ධියක් දරන රැකියාවක් බව කිව යුතුව තිබේ.

නමුත් මෙම කර්මාන්තය මේ වන විට වැළලීයාමේ ප්‍රවණාවය ඉහළ මට්ටමක පවතින බවයි පාරම්පරික රජක කුලකරුවන් සඳහන් කරන්නේ. ඔවුන් ඒ බව සඳහන් කරන්නේ ඔවුන්ට දාව උපන් දරු දැරියන් මෙම කර්මාන්ත‍‍යෙහි යෙදීමට මැලිකමක් දක්වන බවත්, මෙම කාර්මාන්තයේ දී ඔවුන් දැඩි අපහසුතාවට පත්වීම නිසාවෙන් සිය කර්මාන්තය මේ වන විට වැළලීයාමේ දැඩි අවදානම් තත්ත්වයක් උද්ගත වී ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කේ.මූර්ති මහතා - "මම මේ රක්ෂාව කරන්නෙ මට අවුරුදු පහ‍ළො‍වේ ඉඳලා දැන් මට අවුරුදු 60ක් වෙනවා. ඉස්සර මේ රක්ෂාවට ලොකු ඉල්ලුමක් තිබුණා. මොකද අපෙන් තමයි කොයි කවුරුත් සේවය ලබා ගත්තෙ හැබැයි ඒකත් දැන් ටිකක් අඩු වෙලා මොකද, ගෙවල්වල දැන් රෙදි හෝදන යන්ත්‍ර තියෙනවා. තව සමහරු ගෙදරදීම සෝදා ගන්නවා. හැබැයි ඒත් අපේ ප්‍රමිතිය ගන්න කොයි කාටත් අමාරුයි. අපි ඇඳුමක් හෝදලා මැදලා දෙන්න රුපියල් සීයක් ගත්තට රුපියල් දාහක දුකක් විඳිනවා. ඒ විතරක් නෙමෙයි දැන් අද කාලේ මේ රක්ෂාව කරන්න අපේ දරුවො ලැජ්ජයි. එයාලා

අපිටත් දොස් කියනවා. ඒ නිසා අද පිරිස් නැති වෙලා තියෙන්නෙ අද මේකට කම්කරුවෙක් ගත්තොත් එයාට දවසට රුපියල් දාහක් දෙන්න ඕනෑ. උදේට දවල් කෑම දෙන්න ඕනෑ. එක පැත්තකින් බලද්දි අපිට ඇති ලාභයක් නෑ. මොකද? වැඩ අඩුයි එක පැත්තකින්".

එම්.මානික්කම් මහතා - "අපි මේ රෙදි පොට්ටනිය හෝදන්න ගත්තේ උදේ පාන්දර ඉඳලා තවම ඉවර නෑ. හැබැයි ලොකු රෙදි ගොඩකුත් නෑ. ඒත් මෙව්වගෙ තියෙන ජරාව ඉවත් කරන්න සෑහෙන වේලාවක් අපට ගත වෙනවා. ඉතිං ඒ නිසා තමයි අපි දවසට රුපියල් දාහක් ගන්නෙ මේක අපිට විතරක් නෙමෙයි කර්මාන්තයෙ අයිතිකරුටත් බරපතළ ප්‍රශ්නයක්. තව දෙයක් අපේ දරු මුණුබුරෝ මේ රක්ෂාවට කොටින්ම කැමති නෑ. ඒ නිසා අපි නැති දවසක මේ කර්මාන්තය කොටින්ම නැතිවී යයි කියලයි මම හිතන්නෙ."

කේ.ප්‍රියංකර
වනාතවිල්ලුව සමූහ


නව අදහස දක්වන්න

Or log in with...