මහජනතාවට සේවය කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධාන වගකීමයි | දිනමිණ

මහජනතාවට සේවය කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධාන වගකීමයි

මහජනතාවට සේවය කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධාන වගකීමයි. එය අවංකවත් කාර්යක්ෂමවත්ව සිදු කිරීමට අපි බැඳී සිටිනවා. අද මෙම කාර්යාර්ලයේ සිදු කරන ලද්දේ වැඩ හා දැනුම හුවමාරුකර ගනිමින් විධිමත් කිරීමක් මිස පරීක්ෂා කිරීමක් නොවෙයි. දැනුම හුවමාරු කර ගැනීමෙන් රාජ්‍ය සේවය විධිමත් වෙනවා යැයි ගාල්ල මහ දිසාපති එස්. ටී. කොඩිකාර මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2017 වසරේ ප්‍රගතිය පිළිබඳ පරීක්ෂා කිරීමෙන් අනතුරුව පැවති රැස්වීමට සහභාගී වූ ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් සහ කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල හා සමෘද්ධි නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් අමතමිනි.

මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්ල නියෝජනය කරමින් නිලධාරීන් එක් වී සිටියේය. ඔවුන් විසින් කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් පසුගිය වසරේ සිදුකරන ලද සේවාවන්වල ප්‍රගතිය පිළිබඳ සියුම් ලෙස පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒවායේ ප්‍රගතිය පිළිබඳව වෙන් වෙන් වශයෙන් දිසාපතිවරයාට වාර්තා කිරීම විශේෂත්වයක් විය. මෙහිදී ඒ ඒ අංශවල අඩුපාඩු පිළිබඳව ද පෙන්වා දුන් අතර සියලුම අංශ කාර්යක්ෂමව සේවාවක් සපයා ඇති බව වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම්වරයාට සහ කාර්ය මණ්ඩලයට ප්‍රශංසාව හිමිවන බවත් දිසාපතිවරයා සඳහන් කළේය.

ධර්‍මදාස සිරිවර්‍ධන
ගාල්ල දිස්ත්‍රික් සංචාරක

 

නව අදහස දක්වන්න