පෙරියකුලම් වැවේ ගිලුණු පස් දෙනා රටම හඬවමින් අවසන් ගමනේ | දිනමිණ

පෙරියකුලම් වැවේ ගිලුණු පස් දෙනා රටම හඬවමින් අවසන් ගමනේ

ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටි. එම්. ගුණානන්ද

* සිරුරු පහම එක වළක මිහිදන් කරයි
* හැම අවුරුද්දෙම දෙන දානෙට නෙලුම් කොළ කඩන්න ගිහින් මේ විපත වුණේ

ත්‍රිකුණාමලය පෙරියකුලම් වැවේ ගිලි මියගිය පස් දෙනොගේ අවසන් කටයුතු හින්දු ආගමික චාරිත්‍රානුකූලව පෙරේදා (12) නිලාවේලි , වේලුර් හින්දු සුසාන භුමියේදි සිදුකෙරිණි.

මුළු ගමත් රටත් හඬවා සිදු වු මෙම ඛේදවාචකය නිසා එම ප්‍රදේශයම කම්පාවට පත්වි තිබුණි.සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා මෙන් ම මියගිය දරුවන්ගේ මිතුරු මිතුරියයෝද මෙම අවස්ථාවට සහභාගි වූහ. හැඩු කඳුලින් සිය මිතුරු මිතුරියන්ට ඔවුහු සමු දුන්හ. මියගිය අය පවුල් කිහිපයකට අයත් වුවත් සියලු දෙනා ඥාතිහුය.

මියගිය නිලාවේලි, කොට්ඨාස අංක දෙකේ පදිංචි ධර්මලිංගම් තංගදොරෙයි මහතා හා ඔහුගේ වැඩිමහල් දියණිය වන තංගදොරෙයි සංගවි (09) දැරියගේ මළ සිරුරු ඔවුන්ගේ නිවසේ තැන්පත් කර තිබුණි.ධර්ම ලිංගම් තංගදොරෙයි මහතාගේ බිරිය වන තංගදොරෙයි වසන්ති රාණි මහත්මිය ගේ බාල සහහෝදරයන් වන රත්න භවාන් සුරේෂ්ගේ පිරිමි දරුවන් දෙදෙනා වන සුරේෂ් සුදේශන් (07) සුරේෂ් කේසිරාජ් (09) යන දරුවන් දෙදෙනා හා රත්න භවාන් සුගන්දන් මහතාගේ දියණිය වන සුගන්දන් බ්‍රනවි (07) දැරියගේ සිරුර රත්න් භවාන් සුරේෂ් මහතාගේ නිවසේ තැන්පත් කරතිබුණි.

මියගිය ධර්මලිංගම් තංගදොරෙයි මහතා බස් රථ රියදුරකු වන අතර ඔහු බස් රථ දෙකක හිමිකරුවෙකි. මීට අමතරව පෙරියකුලම් ප්‍රදේශයේ කුඹුරුඇති අතර මහා කන්නයේ අස්වැන්න නෙලා ඉන් ලද අස්වැන්නෙන් කොටසක් දෙවියන් පිදිම සදහා පෙරියකුලම වැව අසල ගල් තලාවේ කිරිබතක් පිස ඇති අතර පිසින ලද කිරිබත් බෙදිම සදහා ඒ අසල තිබු ඔරුවකින් නෙළුම්කොල කැඩිමට වැවට ගොස් තිබේ. ඒ අතර මියගිය දරුවන් ද අනතුරෙන් ජිවිතය බේරාගත් ධර්මලිංගම් තංගදොරේයි මහතාගේ බාල දියණිය වන තංගදොරෙයි පවුසානි දැරියද සිටි බව පරික්ෂණ පවත්වන නිලාවේලි පොලිසිය කියයි.

රත්න භවන් සුරේෂ් මහතා කුලිවැඩ කර පවුල නඩත්තු කරන අතර මියගිය දරු දෙදෙනාට අමතරව තවත් ගැහැනු දෙරුවකු සිටි.රත්න භවාන් සුගන්දන් මහතා උපතින්ම ගොළු අයෙකි.ඔහුගේ බිරිදද උපතින්ම ගොළු අයෙකි.මියගිය දියණියට හොදට කථා කල හැකි අතරම එම දෙපලට තවත් මාස 07ක දරුවකුද සිටි.

මියගිය ධර්මලිංගම් තංගදොරෙයි මහතාගේ බාල සහෝදරයා වන ධර්මලිංගම් උදය කුමාර් මහතා මෙසේ පැවසිය:මියගිය අයියා සෑම වසරකම කුඹුරු වැඩ ඉවර වුණාම දෙවියන් උදෙසා මෙවැනි දානයක් පිළියෙල කරනවා. මේ සැරේ එම දානය පිළියෙල කරලා නෙළුම් කොල කඩන්න ගොස් මේ අනතුර වෙලා තියෙන්නේ. අයියාට බස් දෙකක් තියෙනවා.එක බස් එකක රියදුරු ලෙස මම සේවය කරනවා. අයියාගේ බිරිද නිලාවේලි ප්‍රාදේශිය රෝහලේ උපස්ථායිකාවක් ලෙස සේවය කරනවා යැයි පැවසිය. අයහපත් කාලගුණයක් මැද විශාල ජනකායකගේ සෝසුසුම් මැද සියලුදෙනා කනින ලද එක වලක් තුල සිරුරු තැන්පත් කෙරුණි.

ඡායාරූප-ත්‍රි/මලය විශේෂ


නව අදහස දක්වන්න

Or log in with...