කෙහෙලියගේ පුතාගේ රියැදුරු බලපත්‍රය අත්හිටුවයි | දිනමිණ

කෙහෙලියගේ පුතාගේ රියැදුරු බලපත්‍රය අත්හිටුවයි

බීමත්ව රිය පැදවිම ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වු පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුතු රමිත රඹුක්වැල්ල යන අයගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසුරිය මහතා ඊයේ (13) නියෝග කෙළේය.

සැකකරු රුපියල් ලක්ෂ පහක ශරිර ඇප මත මුදා හළ මහේස්ත්‍රාත්වරයා නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේන් සැකකරු සම්බන්ධ ශාරිරික මානසික සෞඛ්‍ය සම්බන්ධ වාර්තාවක් ද කැඳවිමට ද නියෝග කෙළේය.

ඉකුත් 9 වැනි දින සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රමිත රඹුක්වැල්ල මහතා ඊයේ (13) අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වමින් නාරාහේන්පිට පොලිසිය රුපියල් 10.000පොලිස් ඇප මත ඔහු මුදා හැර තිබු අතර ඊයේ (13) ඒ අනුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් විණ.

cp cax 1418 දරණ කාර් රථය නොසැලකිලිමත් ලෙස ධාවනය කිරිම ,රිය අනතුරක් වළක්වා නොගැනිම,බීමත්ව රිය ධාවනය කිරීම හා රිය අනතුර වාර්තා නොකිරිම යන චෝදනා යටතේ නො 175/32 රිගල් රෙසිඩන්සි නාවල පාර කොළඹ 5 පදිංචි රමිත ලක්ෂාන් බණ්ඩාර රඹුක්වැල්ල මහතා ට එරෙහිව නාරාහේන්පිට පොලිසියේ රථ වාහන අංශය පැමිණිල්ල අධිකරණය වෙත ගොනු කැර තිබිණ.

ඉකුත් 2018/3/9 දින නාවල පාර රාජ්‍ය සේවා කොමිසන් සභාව අසල දී කාර් රථයේ රියැදුරුව සිටිමින් මාර්ගය පාවිච්චි කරන වෙනත් තැනැත්තන් කෙරෙහි නොසැලකිලිමත්ව යුක්ති සහගත සැලකිල්ලක් නොමැතිව ධාවනය කර එකි මාර්ගයේ ධාවනය වු wpbbi 2445 යතුරුපැදිය ඝට්ටනය කර රිය අනතුරක් සිදු කර එකි යතුරුපැදියට අලාභ සිදු කිරිමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 203, 214 (3) අ වගන්තිය සමඟ කියැවෙන මොටර් රථ වාහන පනතේ 151 (3) වගන්තිය උල්ලංඝනය කිරිමෙන් 1984 අංක 40 සංශෝධිත මෝටර් වාහන පනතේ 217 (2) වගන්ති ප්‍රකාර දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවට නාරාහේන්පිට පොලිසිය චෝදනා හතරක් සාක්කිකරුවන් හතරක් සමඟ විත්තිකරුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

අදාළ චෝදනාවන් ට නිවැරදිකරු බවට විත්තිකරු ප්‍රකාශ කිරිමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හැරිමට මහේස්ත්‍රාත්වරයා නියම කරමින් විත්තිකරුගේ රියැදුරු බලපත්‍රය අත්හිටුවිමට නියෝග කෙළේය.

අනතුරට පත් වු තැනැත්තන් තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් සමථයකට පැමිණ ඇති බවට විත්තිකරු‍ වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා අධිකරණය වෙත දැනුම් දුන්නේය.

සිද්ධිය විභාගයට තැබු මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලේ සාක්කි 1 හා 2 ට ලබන ජුනි මස 19 වැනි දින අධිකරණයේ පෙනි සිටින ලෙසට සිතාසි නිකුත් කෙළේය.

විත්තිකරුගේ සෙහොයුරියක ඔහුට ඇප දිම සදහා ඉදිරිපත් වු අතර විත්තිකරුට එරෙහිව මිට පෙර ද රිය අනතුරක් සම්බන්ධ නඩුවක් ඇති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

සිරන්ජනි කුමාරි,රිද්මි අමෝදා

අදහස් 2ක් ඇත

මේ මිනිස්සු මේ විදිහට යකා නටන්නෙ බලයෙන් විතරක් මත් වෙලා නෙවෙයි. බලයයි, මුදලුයි, මෝඩකමයි, අහංකාරයයි යන සියල්ලම එකට එකකු වෙලා. මොඩ කම තමයි ඉහට උඩින් තියෙන්නෙ.

මේ මිනිස්සු මේ විදිහට යකා නටන්නෙ බලයෙන් විතරක් මත් වෙලා නෙවෙයි. බලයයි, මුදලුයි, මෝඩකමයි, අහංකාරයයි යන සියල්ලම එකට එකකු වෙලා. මොඩ කම තමයි ඉහට උඩින් තියෙන්නෙ.

නව අදහස දක්වන්න