ශ්‍රී ලාංකේය නිව­හන් නිර්මා­ණ­ක­ර­ණයේ අනා­ග­තය MVIVO අලුත් කරයි | දිනමිණ

ශ්‍රී ලාංකේය නිව­හන් නිර්මා­ණ­ක­ර­ණයේ අනා­ග­තය MVIVO අලුත් කරයි

 ශ්‍රී ලාංකේය නිවහන් ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ නව යුගය කරා එළැඹීම පිළිබඳ සාක්‍ෂි දැරීම සඳහා ආරාධිත අමුත්තන් 600කට වැඩි පිරිසක් වෙනුවෙන් නෙළුම් පොකුණ රඟහලේ ප්‍රධාන රංග ශාලාවේ දොරගු'ඵ මෙසේ විවිර විය. මෙම නවතම සංකල්පය දියත්කිරීම සංවිධානය කරන ලද්දේ යුරෝපය තුළ වඩාත් සාර්ථක අන්දමින් ස්ථාපනය වූ, සිය ප්‍රවීණත්වය,නවොත්පාදන හැකියාවන් සහ දැනුම ශ්‍රී ලංකාවට හිමිකර දීමට මගබලා හිඳින MVIVO (Pvt) Ltd.විසිනි.මෙම හඳුන්වාදීම අතරතුර MVIVO හි ප්‍රධාන විධායක නිලධාරී කෙජෙල් වැන් ඩොරාන් (Kjell Van Doran මහතා විසින් පවසා සිටියේ,

“MVIVO හි අපගේ විශ්වාසය වන්නේ, දිනෙන් දින වෙනස් වන අවශ්‍යතාවන්ට සහ පාරිසරික කාරණාවන්ට අනුව කාලයෙන් කාලයට ඔබින අයුරින් නිවහන් ද සකස් විය යුතු බවයි. එය අප සමාගමේ ප්‍රධාන අරමුණ වන අතර ඒ අනුව යමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට හඳුන්වා දෙන නවීන නිවාස විසඳුම් අප විසින් මෙසේ දියත් කරනු ලබනවා. අප ඉදිකරනු ලබන මෙම නිවහන් මගින් ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත නවීන ජීවන රටාවක් තිළිණ කරනු ඇති. ඇත්තෙන්ම, මිනිසුන්ට අවශ්‍ය වන්නේ සුවපහසුව, උසස් තත්ත්වය සහ මේ හැමටම වැඩියෙන් හැකි ඉක්මනින් සිය නිවෙස ඉදිකර අවසන් කිරීමයි. එමෙන්ම,ඔබේ නිවහන වහාම ඉදිකර අවසන් කළ ද, අප නිර්මාණය කරනු ලබන සෑම නිවෙසකම සුවිශේෂත්වය වන්නේ අනාගතයේදී යම් වෙනස්කමක් සිදු කිරීමට ඔබට අවශ්‍ය වූ විට එය අපහසුවකින් තොරව සිදු කිරීමේ හැකියාව තීබීමයි. එහෙයින්, කාලයත් සමග ඔබේ ජීවන රටාව වෙනස් වන ආකාරයටම ඔබේ නිවහන ද වෙනස් විය යුතුයි. ඉතින්, බගේ ජීවන රටාවේ අවශ්‍යතාවන්ට ඉතාම හොඳින් ගැලපෙන,වෙනස්වීමට නිසි ලෙස ගැලපෙන නිවහනක් ඔබ සතු විය යුතුමයි.”මෙම හඳුන්වාදීම මගින් සමාගම සතු හැකියාවන් සහ කාර්යක්‍ෂම වැඩ පිළිවෙළ සම්බන්ධයෙන්පැහැදිලි දැක්මක් පැමිණ සිටි ආරාධිත අමුත්තන් වෙත හිමිකර දීමට හැකිවිය. එහිදී සුවිශේෂී කරුණක් ලෙස ඉස්මතු කර දැක්වූයේ, උසස්ම තත්ත්ව සහතිකයන්ට අනුකූලව සෑම නිවෙසක්ම ඉදිකිරීමේදී ඒ හා සම්බන්ධ ඉදිකිරීම් ශිල්පීය ක්‍රම සහ ඉදිකිරීම් අමුද්‍රව්‍ය වෙනුවෙන් යුරෝපා සංගමය මගින් නියම කර ඇති සියලුම යුරෝපීය ප්‍රමිති තත්ත්ව සහතිකයන්ට (Eurocodes) අනුකූල වෙමින් (Eurocodes) විසින්

කටයුතු කරනු ලබන බව සහතික කිරීමයි. උත්සව සභාවේ අවධානය දිනාගත් තවත් සුවිශේෂී කරුණක්

වූයේ, නිවහනක් ඉදිකර නිමවීමට ගතවන කාලය පිළිබඳවයි. අපගේ නිවහන් ඉදිකිරීම සඳහා

සාමාන්‍යයෙන් මාස 7ක් වුව ද අනාගතයේදී නිවාස ඉදිකිරීම් සඳහා එම කාලය මාස 4ක් දක්වා අඩු කිරීමට දැන් සැලසුම් කර තිබේ. මෙම නිවහන් ශ්‍රී ලාංකික ප්‍රජාවට නව අත්දැකීමක් වන බැවින් සමාගම විසින් ඕනෑම නිවෙසක තිබිය යුතුම අවශ්‍යතාවන් ද්විත්වයක් වන සෞන්දර්යාත්මක ගුණය සහ

සුවපහසුව පිළිබඳව මැනවින් අවධානය යොමු කර තිබේ. සෑම නිවහනක්ම බලශක්ති

කාර්යක්‍ෂමතාවෙන් පරිපූර්ණ වන අතරම සෑම නිවැසියෙකු සඳහාම උපරිම සුවපහසුව තහවුරු කර සිටියි. මෙම දියත්කිරීම් වැඩසටහනේ කැපී පෙනෙන සුවිශේෂත්වය වූයේ MVIVO සමාගම විසින් පමණක් පිරිනමනු ලබන ආකෘතික (Configurator) නවෝත්පාදනයක් (Innovation) හඳුන්වාදීමයි. යනුවෙන් හඳුන්වන අතර එමගින්, ශ්‍රී ලාංකේය නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ හිඳිනDesign Studio අනෙකුත් නිවාස ඉදිකිරීම් සමාගම් අභිභවා යමින් MVIVO සමාගම පෙරමුණ ගනු ඇත. මෙම ආකෘතියinterface හෝ Design StudioÓ ප්‍රතිලාභ රාශියකින් සමන්විත MVIVO සමාගමට පමණක් අනන්‍ය වූ interfaceඑකකි. පාරිභෝගිකයින්හට සිය අභිමතය පරිදි ඔවුන්ගේ නවීකරණ අවශ්‍යතාවන් සපුරා ගැනීමට කිසිදු සීමාවකින් තොරව නිවාස සැලසුම් නිර්මාණය කරනු ලබන සහ අඳිනු ලබන ගෘහ නිර්මාණ ශිල්පීන් සමග සම්බන්ධවීමට අවස්ථාව හිමිකර දෙනු ලබයි.

එය නිර්මාණය සඳහා පාරිභෝගික අවශ්‍යතා සමග සහයෝගිතාවෙන් යුතුව කටයුතු කරමින් ඔවුන්ගේ දෛනික ජීවිතයේ අවශ්‍යතාවන් උසස් තත්ත්වයෙන් යුතුව ඉහළින්ම ඉටුකර දීමට සමාගම කටයුතු කරයි.

නව නිවහන් පිළිබඳව අංග සම්පූර්ණ අත්දැකීමක් හිමිකර ගැනීමට අවස්ථාව උදාකර දෙන ඵඪෂඪධ නිර්මාණකරණ මධ්‍යස්ථානය (Design Centre) 2018 මාර්තු28 දින විවෘත කරනු ලබන බව ද ආරාධිත අමුත්තන්හට දැනුම් දෙන ලදී. Design Centreපද්ධතීන් උපයෝගීකරගනිමින් සම්පූර්ණ කරන ලද නිර්මාණ මධ්‍යස්ථානය mvivo.com කොළඹ 04, ගාලු පාරේ, නො.253 යන ස්ථානයේ විවෘත කිරීමට නියමිතය.Design Centre වෙත පැමිණ තොරතුරු සියල්ල

දැනගැනීමට වේලාවක් වෙන් කරවා ගැනීම, mvivo.com වෙත පිවිසීමෙන් සිදු කළ හැකිය.

MVIVO හි ප්‍රධාන විධායක නිලධාරී කෙජෙල් වැන් ඩොරාන් (Kjell Van Doran) මහතා ඡායාරූපය MVIVOවිසින් හඳුන්වා දෙන තනිමහල් නිවසක් ඡායාරූපය 3) MVIVO විසින් හඳුන්වා දෙන මහල් දෙකක නිවසක්

නව අදහස දක්වන්න