සම්පත් බැංකුව Alipay ගෙවීම් ක්‍රම­වේ­දය හඳු­න්වා­දුන් පළමු ශ්‍රී ලාංකීය බැංකුව බවට පත්වේ | දිනමිණ

සම්පත් බැංකුව Alipay ගෙවීම් ක්‍රම­වේ­දය හඳු­න්වා­දුන් පළමු ශ්‍රී ලාංකීය බැංකුව බවට පත්වේ

සම්පත් බැංකුව ශ්‍රී ලංකාවේ බැංකුකරණ ක්ෂේත්‍රයට නව්‍යකරණ හඳුන්වාදීම් රැගෙන ඒමේ ප්‍රමුඛයාය. එම ගමන් මඟෙහි තවත් වැදගත් ඉදිරි පියවරක් තබමින් චීනයේ ප්‍රමුඛ පෙළෙහි ගෙවීම් ක්‍රමවේදයක් වන Alipay සමඟ සහයෝගීතාවකට එළඹීමට සම්පත් බැංකුව පසුගිය දා කටයුතු කරන ලදී. Alipay යනු ලොව විශාලතම online සහ offline ගෙවීම් ක්‍රමවේදය වන අතර Ant Financial Services Group විසින් එය මෙහෙයවනු ලබයි. චීන සංචාරකයන් සුවිශාල සංඛ්‍යාවක් වාර්ෂිකව මෙරටට පැමිණෙන අතර, චීන ජාතිකයන් රාශියක් මෙරට සේවය කරති.

මේ හඳුන්වාදීම නිසා සම්පත් බැංකුවේ දේශීය වෙළෙඳ නියෝජිත ආයතනයන්ට මේ චීන ජාතිකයන්ගේ ගෙවීම් අවශ්‍යතා පහසුවෙන් ඉටු කිරීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම මෙරට සිටින චීන ජාතිකයන්ට ඔවුන්ගේ භාණ්ඩ සහ සේවා මිලදී ගැනීම් වෙනුවෙන් ඉතාමත් පහසුවෙන් AliPay භාවිත කරමින් ගෙවීම් සිදු කළ හැක.

“සම්පත් බැංකුව ශ්‍රී ලංකාවේ බැංකුකරණ ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් නිරන්තරවම ලෝකයේ නව්‍ය තාක්ෂණයන් රැගෙන එනවා. අප සමඟ ගනුදෙනු කරන ව්‍යාපාරික ආයතන මෙන්ම පාරිභෝගිකයන්ට ඒ හරහා උපරිම පහසුවක් සැලසීම අපගේ අපේක්ෂාවයි. ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට Alipay ක්‍රමවේදය පළමු වරට හඳුන්වා දෙන්නට ලැබීම අපට විශාල සතුටක්. ශ්‍රී ලංකාවට පැමිණෙන චීන සංචාරකයන් සහ මෙරට සේවය කරන චීන ජාතිකයන්ට ඉතාමත් සුරක්ෂිතව සහ ඉතාමත් පහසුවෙන් ඔවුන්ගේ ගෙවීම් මේ හරහා සිදුකරන්නට පුළුවනි. එපමණක් නොවෙයි මේ හරහා දේශීය වෙළෙඳ ප්‍රජාවෙහි ආදායම ඉහළ යාම අනිවාර්ය කරුණක් බවට නිතැතින්ම පත්වෙනවා.” යනුවෙන් අදහස් දක්වා සිටියේ සම්පත් බැංකුවේ සමූහ ප්‍රධාන තොරතුරු නිලධාරී - අජිත් සල්ගාදු මහතාය.

නව අදහස දක්වන්න