IDM Nations Campus වර්ණ­වත් කළ Talent Show 2018 | දිනමිණ

IDM Nations Campus වර්ණ­වත් කළ Talent Show 2018

රටක තරුණ පරපුර නිවැරැදි මඟක යාමට නම් ඔවුන් දැනුමෙන් මෙන්ම සෞන්දර්ය ඇතුළු බාහිර ක්‍රියාකාරකම් සමඟ ද ශක්තිමත් විය යුතුය. එම දැක්මට වඩාත් අර්ථවත් වු අවස්ථාවක් පසුගිය දා මරදාන ටවර් රඟහලේ දී දැකගත හැකි විය. එම අවස්ථාව වූයේ IDM Nations Campus උසස් අධ්‍යාපන ආයතනයේ සිසු දරුවන්ගේ මහා සෞන්දර්ය මංගල්‍යය වන IDM Got Talent 2018 ප්‍රසංගයයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික අංශයේ පරිගණක අධ්‍යාපන ආයතනය ලෙස 1981 සිට පුරා දශක 4 කට අධික කාලයක් සිය අභිමානය ලොවට පෙන්වූ IDM Nations Campus උසස් අධ්‍යාපන ආයතනය නූතන අධ්‍යාපනයේ ප්‍රවීණයාය. මේ ප්‍රසංගයට සහභාගි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර Infromation and Communication Technology, Management, Legal Education, Teachers Education, Multimedia, Psychology ඇතුළු ක්ෂේත්‍ර රැසක සහභාගීත්වය දක්නට හැකි විය. නිවැරැදි අධ්‍යාපනය මෙන්ම ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සුදුසුකමක් ශ්‍රී ලාංකීය සිසු දරුවනට ලබාදීමේ ප්‍රමුඛයා ලෙස IDM Nations Campus ගෞරවාදයට පාත්‍රව ඇත.

IDM Nations Campus යනු ISO තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබු උසස් අධ්‍යාපන ආයතනයක් වන අතර, දේශීයව ශ්‍රී ලංකා තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අනුමැතිය සහිතව ඩිප්ලෝමා පාඨමාලා මෙහෙයවන අතර, සියලුම උපාධි පාඨමාලා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය සහිත ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයන් මගින් ශ්‍රී ලංකාවේදී අධ්‍යාපන කටයුතු සිදු කරයි. මෙවැනි විධිමත් අඩිතාලමක් මත තම නිපුනතා විදහා දක්වන සිසු දරුවන්ගේ සෞන්දර්ය මංගල්‍යය වූ IDM Nations Campus ප්‍රසංගය සැබැවින්ම විශ්මයජනකය. දිවයින පුරා විසිරි පැතිරුන IDM Nations Campus ශාඛා ජාලයේ දූ දරුවන් විසින් සිය සෞන්දර්ය කුසලතාව ගායන, වාදන, රංගනය මෙන්ම විශේෂිත වු දක්‍ෂතා ඉදිරිපත් කළේ මහත් උද්යෝගයකිනි.


නව අදහස දක්වන්න

Or log in with...