අම්බලන්තොට පොලිසියේ නව ළමා හා කාන්තා කාර්යාංශය විවෘතයි | දිනමිණ

අම්බලන්තොට පොලිසියේ නව ළමා හා කාන්තා කාර්යාංශය විවෘතයි

අම්බලන්තොට පොලිස් ස්ථානයේ ස්ථාපිත කරන ලද නව ළමා හා කාන්තා කාර්යාංශ කාර්යාලය හා දුෂණ මර්දන අංශයේ විශේෂ කාර්යාලයක් පසුගියදා තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. තංගල්ල පොලිස් කොට්ඨාසය තුළ පොලිස් ස්ථාන තුළ පවත්වනු ලබන 2017 වර්ෂයේ අවසන් අර්ධවාර්ෂික පරීක්ෂණයට සමගාමිව අම්බලන්තොට පොලිස්ථානයේ පවත්වනු ලැබූ අර්ධවාර්ෂික පරීක්ෂණයට සමගාමීව පැවැත්වූ උත්සවයේදී අම්බලන්තොට පොලිසියේ ස්ථානාධිපති පො , ප .විජයගුණරත්න මහතාගේ උපදෙස් පරිදි ස්ථාපිත කරනු ලැබූ මෙම කාර්යාංශයන් ස්ථාපිත කර මේ අයුරින් විවෘත කරන ලදී .

මිට අමතරව පොලිසියේ සියලුම නිලධාරින් ගේ විනය පරික්ෂාව , කාර්යාලයන් , පොත්පත් , වාහන ආදී සියලු දේ පිළිබඳව කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා පරිස්ක්ෂා කිරීම මෙහිදී සිදු විය .

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - අම්බලන්තොට සමුහ

නව අදහස දක්වන්න